මී‍‍ට දශකයකට ආසන්න කාලයක සිට YouTube සමාගම විසින් Rewind නමින් එම වසර තුලදී YouTube හි පළවු විශේෂ videos ඇතුලත් Video එකක් එළිදැක්වීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, YouTube සමාගම විසින් මේ වන විට Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ 2020 සඳහා වන YouTube Rewind video එක නිකුත් නොකරන බවයි.

පළමු Rewind video එක 2010 දී නිකුත් කළ අතර සෑම සංස්කරණයක් සඳහාම මිලියන ගණනක views ලැබී ඇති අතර 2016 දී නිකුත් වු Rewind video එක සඳහා මිලියන 239ක views ප්‍රමාණයක් ලැබී තිබුණත් 2018 දි නිකුත් වූ Rewind video එකට මිලියන 18ක dislike ප්‍රමාණයක් ලැබී තිබෙන අතර එම video එක ලොව වැඩිම dislike ප්‍රමාණයක් ලබාගත් YouTube video එක වෙනවා.

කෙසේ වෙතත්, YouTube සමාගම විසින් 2021 වසර සඳහා Rewind edition එකක් නිකුත් කරයිද යන්න තවමත් නිශ්චිතවම ‍ප්‍රකා‍ශයට පත්කර නැහැ.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.