Consumer account වලට බලපාන වැදගත් policy වෙනස්කම් කිහිපයක් Google සමාගම විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, 2021 ජුනි 1 වන දා සිට Google Docs, Sheets, Slides සහ තවත් සේවාවන් 15GB complementary account storage සඳහා අදාල වෙනවා.

An update to storage policies across your Google Account
Over the past decade, Gmail, Google Drive and Google Photos have helped billions of people securely store and manage their emails, documents, photos, videos and more. Today, people are uploading more content than ever before—in fact, more than 4.3 million GB are added across Gmail, Drive and Photos …

‍මේ සමඟම Google Photos හරහා ලබාදෙන free unlimited storage පහසුකම ලබන වසරේදී නවත්වාදැමීමට Google සමාගම තීරණය කර ඇති බවද අප විසින් මීට පෙර ලිපියකින් වාර්තා කළා ඔබට මතක ඇති.‍

Google Photos හරහා ලබාදෙන free unlimited storage පහසුකම ලබන වසරේදී නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි
ලොව පුරා පරිශිලකයින්ගේ ට්‍රිලියන 4 ක් පමණ වන සුවිසල් ඡායාරූප එකතුවක් ගබඩා කරගෙනසිටින ලොව අතිශය ජනප්‍රිය photos සේවාව වන Google Photos පිළිබඳව ඔබ දැනටමත් ඉතාහොඳින් දන්නවා ඇතැයි අප සිතනවා. ඔබ Google account එකක් create කරන විටම ඔබට Google වෙතින් 15GB ක storage එකක්නොමිලේ ඔබට ලැබෙන අතර Google Photo…

Google සමාගමෙහි storage සම්බන්ධ policy වෙනස්කම් වලට අමතරව, අක්‍රීය ගිණුම් සහ ඒවායේ storage limit ඉක්මවා ඇති ගිණුම් සඳහා Google සමාගම විසින් නව policy ප්‍රකාශයට පත් කර තිබෙනවා.

  • ඔබ මෙම සේවාවන් එකක් හෝ වැඩි ගණනක් (Gmail, Drive, Docs, Sheets, Slides, Drawings, Forms, Jamboard, සහ Google Photos) වසර දෙකක (මාස 24) කාලයක් භාවිතා නොකර අක්‍රීය කර ඇත්නම්, Google සමාගම විසින් නිෂ්පාදනයේ අන්තර්ගතයන් මකා දැමිය හැකිය.
  • ඒ හා සමානව, ඔබ වසර දෙකක storage limit ඉක්මවා ඇත්නම්, Google සමාගම විසින් ඔබගේ අන්තර්ගතය Gmail, Drive, සහ Photos හරහා මකා දැමිය හැකිය.

ඕනෑම අන්තර්ගතයක් ඉවත් කිරීමට පෙර Google සමාගම පරීශීලකයන්ට කිහිප වතාවක්ම දැනුම් දෙනු ඇත, ඒ නිසා පරීශිලකයන් හට ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ අවස්ථාවන් ලැබෙනු ඇති අතර ඔබගේ ගිණුම සක්‍රියව තබා ගැනීමට, ඔබගේ ගිණුමට sign වී සිටියදී වරින් වර Gmail, Drive, Photos සහ ඔබ සතුව ලිපිගොනු ඇති වෙනත් සේවාවන් පරිශීලනය කරන ලෙස Google සමාගම විසින් නිර්දේශ කරනවා.

ගිණුම අක්‍රිය වූ විට අවශ්‍ය අන්තර්ගතයන් කළමනාකරණය කිරීමට පරිශීලකයින් හට උදව් කිරීම සඳහා Google සමාගම විසින් Inactive Account Manager පහසුකම ලබාදී තිබෙනවා.

COVID-19 වසංගතය හේතුවෙන් වැඩි පිරිසක් නිවසේ සිට වැඩ කිරීමත් සමඟ Google සේවාවන් වඩාත් වැදගත් වන අතර මෙම policy වෙනස්කම් ලබන වසර තෙක් බලාත්මක නොවෙනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙනවා.

නමුත්, පරීශිලකයන් සඳහා අවශ්‍ය නම් Google One සේවාව මඟින් අමතර Storage මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර, 100GB ක අමතර Storage එකක් සඳහා ආසන්න වශයෙන් මාසයකට රුපියල් 300ක් පමණ ගෙවීමට සිදුවෙනවා.

Google One - Cloud Storage, Automatic Phone Backup, and Benefits
Get more storage for Google Drive, Gmail & Google Photos, access to experts, and other benefits, in a membership that you can share with your family.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Google Blog අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.