Comment එකක් දාන වෙලාවට අඩුම තරමේ එක Emoji එකක් හරි භාවිතා කරන්න දැන් හැමෝම වගේ පුරුදු වෙලා තියනවා.

සමහර වෙලාවට emoji පමණක් යොදාගෙන අදාල comment එක දාන්නත් අපි කටයුතු කරනවා. ඔන්න මේ දේ ලේසි කරන්න මාස ගණනාවක පරීක්ෂණ කාලයකින් පසුව Instagram එකෙන් අළුත් feature එකක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් පහසුකම අනුව ඔයා වැඩියෙන්ම භාවිතා කරපු emoji set එක ඉක්මණින්ම access කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. Comment එකක් දාන්න තවදුරටත් keyboard එකේ emoji section එකට මාරු වෙන්න ඕන වෙන්නේ නැහැ.

මේ පහසුකම පිළිබඳව Instagram සමාගමේ නිළ Twitter account එක හරහා නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙය iOS සහ Android app සඳහා මේ වන විට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.