IMAX කියන්නේ ලොව පුරා සිනමා රසිකයන්ගේ ජනප්‍රියම වෙළඳ නාමය බවට මේ වන විටත් පත් වෙලා හමාරයි.

කොහොම නමුත් මේ වනතුරු ඔවුන් විසින් certify කරනු ලැබුවේ සිනමාහල්, camera සහ අදාල නිෂ්පාදන උපාංග පමණක් වුවත්, ඔන්න අද ඔවුන්ගේ අළුත්ම certification program එක ගැන මූලික විස්තර නිකුත් කරන්නට ඔවුන් කටයුතු කළා.

මේ අළුත් program එක audio සඳහා ලෝකප්‍රසිද්ධ DTS සමාගමත් සමඟ එකතු වී සිදුකරනු ලබන කටයුත්තක් වන අතර මෙය හඳුන්වන්නේ IMAX Enhanced කියන නමිනුයි. මේ අනුව  TV, projectors, A/V receivers, sound systems, සහ වෙනත් home theater equipment වලින් 4K/HDR images දර්ශනය කිරීම හා sound quality එක පිළිබඳව අදාල devices සහතික කරනු ලබනවා.

තවමත් මේ program එක හරහා පරීක්ෂා කරනු ලබන මිනුම්දඬු ගැන වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්නට IMAX සමාගම කටයුතු කර නැති නමුත් ඔවුන් පවසන අන්දමට මේ program එක හරහා සහතික කරන ලද devices වලින් ඉතාමත් උසස් තත්ත්වයේ, එනම් Hollywood grade එකේ video සහ audio performance එකක් ලබාගතහැකි වෙනවා.

මූලිකව මෙම වැඩසටහන සඳහා Sony, Denon, Marantz, Sony Pictures, සහ Paramount යන සමාගම් එකතු කරගනු ලබන අතර devices වලට අමතරව IMAX Enhanced content නිර්මාණය කිරීම පිළිබඳවත් ඔවුන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලබනවා.

මේ පහසුකම දැනට Dolby සමාගමේ Dolby Vision සහ Dolby Atmos යන standards වලට සමාන කමක් දක්වන අතර මෙය "IMAX Mode" යන නමින් හැඳින්වීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.