ලෝකෙ smartphone වෙලදපොලෙන් වැඩි හරියක් ඇන්ඩ්‍රොයිඩ් අල්ලගෙන හිටියට, මාකට් එක තුල උඩින්ම ඇන්ඩ්‍රොයිඩ් හිටියට, ඇපල් ෆෝන් අනිත් අයට වඩා ඉහලින් ඉන්න හේතුව software updates ලබා දීම බව ලොව පුරා විචාරකයන් විසින් පෙන්නලා දීල තියෙනවා.

ඇපල් සමාගමේ අලුත්ම ෆෝන් ටික මේ මාසේ 12 වෙනිදට නිකුත් කරන්න මේ වෙනකොට කටයුතු ලෑස්ති කරල තියෙන අතර එයාලා කියන විදිහට එයාලගෙ මේ වන විට විකුණා තිබෙන ෆෝන් වලින් 85%කම ධාවනය වෙන්නේ iOS 11 කියන iOS version එකයි. එමෙන්ම ඉතුරු devices වලින් 10% ක ධාවනය කරන්නේ iOS 10.

Android version වල පැතිරීම පිළිබඳවඅපි කළින් ලිපියක සඳහන් කළ අතර ඇන්ඩ්‍රොයිඩ් ගත් විට එහි වැඩියෙන්ම පාවිච්චි කරන OS version එක තමයි Android 7.0 (Nougat) කියන්නේ. ඒ වගේම Nougat version එක පාවිච්චි කරන්නෙ එයාලගෙ මාකට් එකෙන් 20.3% වැනි ප්‍රමාණයක්. පුදුමයට කරුණ තමයි පහුගිය අවුරුද්දෙ නිකුත් උන Android 8.0 (Oreo) එකට වඩා අවුරුදු 3 හෝ 4ක් පරණ Android Versions භාවිතය වැඩියි. ඒ වගේම අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් version එක (9.0 Android Pie) එක්ක මේ කතාවෙ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා තමයි මේ පිළිබඳ විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙයට ප්‍රධානතම හේතුව වශයෙන් සැළකෙන්නේ Apple devices නිෂ්පාදනය කරනු ලබන්නේ තනි සමාගමක් විසින් වීම මෙන්ම iPhone models ඇත්තේ සුළු ප්‍රමාණයක් වන අතර Android devices නිෂ්පාදනය ලොව පුරා සමාගම් ගණනාවක් මගින් සිදු කිරීමයි. ඉතින් මීට අදාල සමාගම් වැඩි වන තරමට සහ devices වර්ග වැඩි වන විට සෑම device එකකටම මේ ආකාරයෙන් update එකක් නිර්මාණය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් වෙනවා.

තව දවස් කීපයකින් අලුත් iPhone devices release වුණු විට එම devices සඳහා iOS 12 stable version එක ලබා දෙනවා කියලයි Apple සමාගම ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඔවුන් පොරොන්දු වෙලා තියෙනවා පරණ iPhone වලටත් මේ iOS 12 Update එක ලබා දෙනවා කියලා. ඒ කියන්නෙ අලුත්ම iOS Update එක තවදුරටත් පාරිභෝගිකයන් විසින් වැලඳ ගනු ඇති බවට අනාවැකියක් පළ කිරීමට හැකි වෙනවා.

මේ ප්‍රශ්නය තවත් වැඩි වෙන්නෙ තාක්ෂණය දියුණු වෙන්න වෙන්න අපේ දත්ත වලට තියෙන තර්ජන ටිකෙන් ටික වැඩි වෙන එකයි. එහෙම තර්ජන වැඩි වෙන්න වෙන්න පරණ OS එකක් පාවිච්චි කරන එකෙන් අපිට ගොඩක් හානි වෙන්න පුලුවන්. කොහොම උනත් ඉතින් අපි බලමු මොකද වෙන්නෙ කියලා. iOS 12 කියන තරම් හොද වෙයිද? Android වලට මොකක් වෙයිද කියලා.