Huawei Mate 30 Pro ජංගම දුරකථනයත් සමඟින් Hongmeng OS එක නිකුත් කිරීමට සූදානම් වන බව මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ වන විට Huawei සමාගමේ Developer conference එක අගෝස්තු 9 වැනිදා චීනයේ Dongguan වලදී පැවැත්වීමට නියමිත කර තිබෙන අතර මේ conference එක අතරතුරදී මොවුන්ගේ Hongmeng OS එක එළිදක්වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

Android වෙනුවට භාවිතා කළ හැකි Operating system එකක් ලෙස ප්‍රසිද්ධියට පත් වුවත්, Huawei සමාගමේ විධායක නිළධාරියෙකු ප්‍රකාශ කළ අන්දමට මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ IoT devices පදනම් කරගෙනයි. මේ අනුව Honor smart TV වලට මුලින්ම මෙම operating system එක මූලිකව නිකුත් කරනු ඇති බව Reuters පුවත් සේවය ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් චීන රාජ්‍යය පුවත් සේවයක් වන Global Times වෙබ් අඩවියට අනුව මේ Hongmeng OS එක අන්තර්ගත කෙරුණු smartphone එකක් මේ වන විටත් Huawei සමාගම විසින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත්, මේ වසර අවසාන වන විට Huawei Mate 30 ජංගම දුරකථන මාලාව සමඟින් එය වෙළඳපොලට නිකුත් කරනු ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා Global Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.