පසුගිය සැප්තැම්බරයේ පැවති HDC 2020 event එක අතරතුරදී Huawei සමාගම විසින් smartphone සහ tablets සඳහා නවතම Android 11 සංස්කරණය පාදක කරගෙන නිර්මාණය කළ EMUI 11 සංස්කරණය ප්‍රකාශයට පත් කරන ලදී.

EMUI 11 සංස්කරණය ප්‍රකාශයට පත් වූ විගසම Huawei සමාගම විසින් උපාංග කිහිපයක් සඳහා EMUI 11 beta නිකුතුවක් සිදු කළ නමුත් මේ මාසයේ දී Huawei සමාගම අවසානයේ Mate 30 Pro දුරකථන මාදිලිය සඳහා stable EMUI 11 සංස්කරණයක් එළිදැක්වීමට පටන් ගත් අතර දැන් Huawei සමාගම විසින් අනෙකුත් Huawei devices සඳහා යාවත්කාලීන කිරීමේ සැලැස්ම නිළ වශයෙන් එළිදක්වා තිබේ.

ඔබ සතුව Huawei ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ tablet එකක් තිබේ නම්, ඔබගේ device එක සඳහා EMUI 11 update එක ලැබෙන්නේ කවදාදැයි ඉහත තිබෙන වගු පරීක්ෂා කිරීම හරහා දැනන්න පුලුවන්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei consumer වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.