Bloomberg Billionaires Index එකට අනුව ලොව ධනපතියන් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමට මේ වන විට Elon Musk සමත්වී ඇති අතර, ඔහුගේ මුලු වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන 128ක් පමණ වන බව සැළකෙනවා.

මීට පෙර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයේ සිටියේ Microsoft සමාගමේ හිමිකරු වන Bill Gates මහතා වන අතර, පළමු ස්ථානයේ පසුවන Amazon සමාගමේ හිමිකරු වන Jeff Bezos ට පමණක් දෙවැනි වෙමින් මේ වන විට ලොව දෙවැනි විශාලතම ධනපතියා වීමට Elon Musk සමත් වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ ජනවාරි මාසය වන විට Elon Musk සිටියේ මෙම ලැයිස්තුවේ 35 වැනි ස්ථානයේ වීම වන අතර, මෙම වසර අවසාන වීමටත් ප්‍රථමව ඔහු එහි හිණිපෙත්ත අසළටම පැමිනීමට සමත් වී තිබීමයි.

මෙයට ප්‍රධානතම හේතුව වශයෙන් සැළකෙන්නේ Tesla සමාගමේ share price එක ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ යාම වන අතර, වසර මුලදී ඩොළර් බිලියන 100ක පමණ වටිනාකමකින් යුතු වුණු Tesla සමාගමේ, මේ වන විට මුළු වටිනාකම ඇමෙරිකානු ඩොළර් බිලියන 500 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම මේ වන විට ලොව ඇති අනෙකුත් සියළුම car companies වලට වඩා වටිනාකමක් Tesla සමාගම සතු වන අතර, මෙම වසර ඇතුලතදී Tesla මෝටර් රථ 500,000ක් පමණ නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත්වනු ඇති බව අනුමාන කෙරෙනවා.

2017 වර්ෂය දක්වා වසර ගණනාවක් තිස්සේ ලොව පළමුවැනි ධනපතියා ලෙස නම් දරා සිටියේ Bill Gates වන අතර, 2017 වර්ෂයේදී Amazon සමාගමේ හිමිකරු වන Jeff Bezos ඔහුව අභිබවා යාමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ 2006 වසරේ සිට පුණ්‍යායතනයක් වන Bill & Melinda Gates Foundation එක පිහිටුවා ඒ හරහා සිදු කළ පරිත්‍යාග කිරීම් සිදු නොකලේ නම්, Bill Gates තවමත් ලොව පළමුවැනි ධනපතියා වන බව Bloomberg වෙබ් අඩවිය පෙන්වාදෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.