ඇමරිකාව විසින් Huawei සමාගමට පනවන ලද වෙළඳ තහනම නිසා Huawei සමාගමට Google සේවා නොමැතිව සිය උපාංග වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සිදුව ඇති පසුබිම තුළ Huawei සමාගම ටිකෙන් ටික ඊට අනුගත වීමට සුදානම් බවක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා.

ඒ අනාගතයේ නිකුත් කිරීමට නියමිත Huawei ජංගම දුරකථන වලට ජනප්‍රිය Android App 70 කට අධික ප්‍රමාණයක් pre-installed, එනම් ජංගම දුරකථනය පරිශීලකයා අතට ලැබීමට පෙර සිටම ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබනු ඇති බවට වාර්තා පළ වීම්ත් සමගයි.

මේ apps ලැයිස්තුව අදාල ජංගම දුරකථනය අලෙවි කරනු ලබන වෙළඳ කළාපය අනුව වෙනස් වනු ඇති අතර Play Store එකේ top charts වලට අනුව ද මෙය වෙනස් කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහොම නමුත් තවමත් Huawei සමාගමට Facebook Messenger, Instragram සහ WhatsApp වැනි apps සිය උපාංග වල pre-install කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

බොහෝදුරට Huawei P40 series එක මෙම වෙනස්කම් සමඟ නිකුත් වනු ඇති බවට වාර්ථා වෙනවා.

මෙම නවතම පහසුකම පැමිණෙන්නේ අලුතෙන් පිහිටුවන ලද Global Developer service Alliance (GDSA) සමඟින් වන අතර මෙම සංවිධානය  මඟින් Huawei, Oppo Xiaomi  සහ Vivo යන සමාගම් වලට අදාල app stores වලට ගැලපෙන පරිදි apps port කිරීමේ පහසු ක්‍රමයක් හඳුන්වාදීමට ද සූදානම් වන බව වාර්ථා වෙනවා.

Google Maps වෙනුවට Huawei සමාගම TomTom ආයතනයෙන් Maps සේවාව ලබාගැනීමට සූදානම් වෙයි
පසුගිය වසරේ අග භාගය පුරාවට Huawei සමාගම හා ඇමෙරිකානු වෙළඳ තහනම ගැන නොයෙක් ආකාරයේපුවත් ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා මතක ඇති. එමෙන්ම Huawei සමාගම ඔවුන්ගේ Huawei Mate 30 ජංගම දුරකථනය, Android ජංගම දුරකථන වලප්‍රථානතම සේවාවක් වන Google Play Services නොමැතිව එළිදැක්වීමට ද කටයුතු කරනුලැබුවා. Google Ser…

Huawei සමාගම දැනටමත් Google Maps වලින් ඉවත්ව අලුත් Map සේවාවක් සම්බන්ධයෙන් Tom Tom ආයතනය සමඟින් වැඩකරන බව අප ඔබට කලිනුත් වාර්තා කල නිසා පැහැදිලි වන්නේ Huawei සමාගම ඇමරිකානු තහනම නොතකා ඊට අභියෝග කිරීම දැනටම ආරම්භ කර ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.