Android හා EMUI Android skin එක සමගින් මේ දක්වා කාලයක් Huawei Smartphone නිකුත් කෙරෙනු ලැබුවත්, ඒ සියල්ල මෙම වසරේ සිට සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක ගමන් කිරීමට සුදානමින් සිටින අතර, ඊට හේතුව නම් Android OS එක සම්පූර්ණයෙන්ම අත්හැර දමා, Harmony OS නම් නවතම OS එකකින් Huawei උපාංග බලගැන්වීමට නියමිත වීමයි.

ඒ අනුව Harmony OS එක ලැබීමට නියමිත දුරකථන මාදිලි හා timeline එකක් ද නිකුත් කෙරෙණු අතර ඒ පිළිබඳව TechNews.LK පාඨක ඔබව මීට පෙර අප විසින් දැනුවත් කළා මතක ඇති.

Harmony OS Stable version එක ලැබෙන දුරකථන මාදිලි පිලිබඳව තොරතුරු නිකුත් කිරීමට Huawei Central වෙබ් අඩවිය කටයුතු කරයි
Huawei සමාගම විසින් Android OS එක වෙනුවට develop කරමින් සිටින OS එකක් වෙනHarmony OS නැතිනම් Hongmeng OS පිලිබඳව අපි කිහිප වරක්ම ඔබව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම මෙම අලුත්ම operating system එකේ පළමු mobile beta version එක එළබෙනදෙසැම්බර් 18 වන දා නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරමින් සිටින බවද අපි…

මේ අතර මෙම වසරේ නිකුත් වීමට නියමිත Huawei නවතම flagship උපාංගය වෙන Huawei P50 series එක, Harmony OS pre installed කර ලැබෙන පළමු උපාංග වන බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

ඒ අනුව නිකුත්වීමට නියමිත Huawei P50 ජංගම දුරකථනය සඳහා Harmony OS 2.0 beta version එක සාර්ථකව අත්හදාබැලීමට කටයුතු කර තිබෙන අතර, එය දැන් beta version 3.0 වෙත යාවත්කාලීන කිරීමට ද සූදානම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම තොරතුරු සත්‍ය වුවහොත්, සෑහෙන කාලයකට පසුව ලොව ප්‍රමුඛ පෙළේ Android smartphones නිශ්පාදන සමාගමක්, Android OS එක සම්පූර්ණයෙන්ම අත්හැරදමන පළමු අවස්ථාව බවට මෙම අවස්ථාව පත් වෙනු ඇති.

මෙම වසරේ අප්‍රෙල් සිට Huawei උපාංග විශාල ප්‍රමාණයක් Harmony OS වෙත මාරු කිරීම ආරම්භ වන අතර ඒ අනුව, වසර අවසන් වන විට Smartphone, Smart Tv, Smartwatch ඇතූළු Huawei smart gadgets මිලියන 300-400 ත් අතර ප්‍රමාණයක් Harmony OS ඔස්සේ බලගැන්වීමට නියමිත වෙනවා.

ඊට අමතරව Huawei සමාගම විසින් සිය Petal සේවාවන්ද වැඩිදියුණු කරමින් සිටින අතර, දැනට නිකුත් කර ඇති Petal search, Petal Map මෙන්ම ඉදිරියේදී Petal voice assistant, Petal keyboard හා Petal vision යන සේවාවන් ද හදුන්වාදීමට සූදානමින් සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.