මෙම වසර මුලදී Huawei සමාගම සිය නවතම flagship devices වන Huawei P40, Huawei P40 Pro සහ Huawei P40 Pro+ එළිදැක්වූ අතර එයට සමගාමිව Huawei සමාගම Android 10 පාදක කරගෙන EMUI 10.1 සංස්කරණය ද එළිදක්වනු ලැබිණි.

ඉන් ටික කලකට පසු ඔවුන්ගේ පැරණි Huawei සහ Honor smartphones සඳහා beta version නිකුත් කිරිමේ කාලය පිළිබඳව ද විස්තර නිකුත් කරන ලද අතර එම විස්තර වලට අනුව Huawei P30 සහ Mate 30 දුරකථන සදහා මෙහි beta update එක අප්‍රේල් මාසයේ මැද දී ලැබීමට නියමිතව තිබිණි.‍

එමෙන්ම දැනටමත් මෙම ජංගම දුරකථන වල Chinese variants සදහා මේ update නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Android Q පාදක කරගත් EMUI 10 සංස්කරණය Huawei ජංගම දුරකථන 22ක් සඳහා නිකුත් කිරීමට නියමිත වෙයි
‌‌චීනයේ විශාලතම තාක්‍ෂණ සමාගම වන Huawei සමාගම සිය වාර්ෂික සමුළුව Dongguanනගරයේදි පැවැත්වුණු අතර එහිදී ඔවුන්ගේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS එක නිළවශයෙන් එළිදැක්වීමට කටයුතු කළ බව[/huawei-officially-reveals-harmony-os-its-first-party-operating-system/] අපිඔබව දැනුවත් කළා මතක ඇති. ඊට අමතරව …

Global variants සදහා update නිකුත් කරන දින පිළිබදව ට පෙර අනාවරණය කර නොතිබුණද Huawei සමාගම විසින් දැන් Global Huawei P30, Mate 30 සහ Nova 5T සඳහා EMUI 10.1 සංස්කරණයේ beta version නිකුත් කරමින් සිටින බව වාර්ථා වෙනවා.

PiunikaWeb වෙබ් අඩවිය‍ෙහි නවතම වාර්තාවකට අනුව මේ beta program එක සඳහා ලියාපදිංචි වී ඇති Huawei P30, Mate 20, සහ Nova 5T භාවිතා කරන්නන් හට EMUI 10.1 update එක ලැබෙමින් පවතී.

Huawei P30 series එකට ලැබෙන මෙම update එක 1.77GB පමණ වන අතර build number එක 10.1.0.119 නම් වේ.

Huawei Mate 30 series එක සඳහා EMUI 10.1 beta version update එක 4.26GB පමණ වන අතර එහි build number එක 10.1.0.230 නම් වේ. මෙම update එක මගින් 2020 අප්‍රේල් මාසයේ Android security patches මෙන්ම තවත් features කිහිපයක් ඇතුළත් වන බව වාර්ථා වෙනවා.

අවසාන වශයෙන් Huawei සමාගම විසින් Huawei Nova 5T සඳහා EMUI 10.1 beta version update එක නිකුත් කිරිම ආරම්භ කර ඇති අතර එය 1.77GB ක ප්‍රමාණයකින් යුක්ත වන අතර එහි build number 10.1.0.215 වේ.

ඉහත සඳහන් කළ දුරකථන සමඟින් Huawei සමාගම චීනයේ Huawei Enjoy 10S සහ Honor 20 Lite ජංගම දුරකථන සඳහා EMUI 10.1 beta version update එක නිකුත් කල නමුත් global වශයෙන් එය නිකුත් කිරීමට නියමිත දින පිළිබඳව දැනට කිසිදු තොරතුරක් සදහන් කර නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ PiunikaWeb වෙබ් අඩවිය භාවිතා කළ හැක