පසුගිය වසරේ අග භාගයේ නිකුත් කළ Google Stadia සේවාව මේ වනවිට Pixel 2, 3 සහ 4 දුරකථන මාදිලි ඇතුළු ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් ගණනාවක් සමඟින් ක්‍රියාත්මක වුවත් මේ වන තුරු OnePlus ජංගම දුරකථන සඳහා නිළ වශයෙන් සහාය ලබා දී තිබුණේ නැහැ.

කොහොම නමුත් තම නිළ Blog අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ OnePlus 8 සහ OnePlus 8 Pro ජංගම දුරකථන සඳහා මේ වන විට නිළ වශයෙන් Google Stadia සේවාව සහාය දක්වන බවයි.

Stadia Savepoint: April updates
The latest games, updates and Stadia Pro deals.

මේ අනුව Google Stadia සේවාවට සහය දක්වන පළමු OnePlus ජංගම දුරකථනය OnePlus 8 ජංගම දුරකථනය වන අතර මෑතකදී නිකුත් කළ Galaxy S20 මාදිලිය ඇතුළුව බොහෝ Samsung Galaxy දුරකථනද  Asus ROG සහ ROG II; Razor සහ Razor 2 දුරකථනද මේ වන විට Google Stadia සඳහා සහාය දක්වයි.

Google සමාගම මේ සමඟින් තවත් විශේෂාංග කිහිපයක්ම හඳුන්වා දී ඇති අතර ඔබ Google Chrome බ්‍රව්සරය මත Stadia Games Play කරනවා නම් ඔබගේ දුරකථනයේ 5.1 Surround Sound විශේෂාංගයෙන් ඇසිය හැක. (නමුත් මෙය Stadia Pro Subscription වලට පමණක් Enable කර ඇත).

Stadia Games Play කරන විට Stadia Console එකෙන්ම Screenshots හා Screen Recording Clips ගැනීමේ පහසුකම ද හඳුන්වා දී ඇත.

පසුගිය සතියේ ප්‍රසිද්ධ Battle Game එකක් වන PUBG (Player Unknown's Battle Ground) ද Stadia වෙත හඳුන්වා දුන් අතර මෙම වසර අග භාගය වන විට EA සමාගමේ Games කිහිපයක්ම වන Star Wars Jedi: Fallen Order, FIFA, සහ Madden යන games එකතු කරන බව ද වාර්තා වෙනවා.

මෑතකදී Gmail ගිණුමක් ඇති ඕනෑම කෙනෙකු හට මෙම සේවාව නොමිලේ ලබා දී ඇති බැවින්, ඔබගේ සහාය දක්වන OnePlus දුරකථනයේ Stadia Play කිරීමට Subscription එකක් ගැනීමට ඔබට අවශ්‍ය නොවේ.

Google Stadia Pro මාස දෙකක කාලයක් සඳහා නොමිලයේ ලබාදීමට Google ආයතනය කටයුතු කරයි
Gaming PC එකක් නැතත්, ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරමින් high end gamesplay කිරීමේ හැකියාව ලබා දෙන Google Stadia සේවාව ගැන අපි ඔබව මීට පෙර දැනුවත් කළාමතක ඇති. Android, Chromecasts, Chrome වලට Game Stream කරන Google සමාගමේ Stadia CloudGaming සේවාවProject Stream නමැති ව්‍යාපෘතියක් හරහා Chr…

ලොව පුරා රටවල් 14 ක ක්‍රීඩා 9 ක් සඳහා Google සමාගම මාස 2 ක Stadia Pro නොමිලේ ලබා දෙන අතර ඔබට Compatible උපාංගයක් තිබේ නම්, දැන් Stadia.com වෙත ගොස් ඔබගේ ගූගල් ගිණුම සමඟ ලියාපදිංචි වී මෙම අවස්ථාව ලබා ගත හැකිය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Google Stadia වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.