Dropbox කියන්නේ ලොව පුරා බොහෝ දෙනෙකු අතර ඉතාමත් ජනප්‍රිය Cloud Storage සේවාවක් වන අතර එදිනෙදා තමන්ගේ files backup කරගැනීමට මෙන්ම හුවමාරු කරගැනීමටත් Dropbox භාවිතා කිරීමට අපි පුරුදු වී සිටිනවා.

කොහොම නමුත් Dropbox සමාගම විසින් ඔවුන්ගේ නොමිලයේ ලබා දෙන plan එක භාවිතා කරන්නන් හට තම සේවාව සමඟින් එක විට සම්බන්ධ කළ හැකි devices ප්‍රමාණය 3කට සීමා කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අනුව laptops, tablets හෝ phone වැනි ඕනෑම device වර්ගයක් 2019 වර්ෂයේ මාර්තු මාසයේ සිට උපරිමය 3ක් දක්වා සීමා කර තිබෙන අතර, ඊට ප්‍රථමව devices 3ට වඩා වැඩියෙන් සම්බන්ධ කර තිබෙනවා නම්, ඒවා ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.

කොහොම නමුත් මෙලෙස වැඩි devices ප්‍රමාණයක් දැනටමත් සම්බන්ධ කර ඇති පරිශීලකයන් හට අලුත් device එකක් සම්බන්ධ කිරීමට අවශ්‍යය වුවහොත් දැනට පවතින devices ප්‍රමාණය 3කට අඩු ප්‍රමාණයකට අඩු කිරීමට හෝ Dropbox Plus හෝ Professional plan එකකට මාරු වීමට සිදු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Dropbox help page එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.