පසුගිය සැප්තැම්බර් මාසයේ Huawei සමාගම විසින් මෙතෙක් එළිදක්වා ඇති බළවත්ම chipset එක වන Kirin 990 chipset එක සමඟින් Mate 30 ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කරනු ලැබූ බව මතක ඇති.

Google Services නොමැතිව Huawei Mate 30 ජංගම දුරකථනය එළිදැක්වීමට Huawei සමාගම කටයුතු කරයි
මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කළ බව පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළාමතක ඇති. මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කරයිචීනය හා ඇමෙරිකාව අතර ඇති වූ වෙළඳ යුද්ධය…

මේ Kirin 990 chipset එක 7nm FinFET Plus EUV තාක්ෂණය යටතේ නිෂ්පාදනය කර ඇති 5G Modem එකක් සහ Da Vinci Neural Processing Unit (NPU) එකකින් සමන්විත වෙනවා.

HUAWEI Kirin 990 Series, Rethink Evolution | HUAWEI Global
HUAWEI Kirin 990 5G, World’s 1st Flagship 5G SoC powered with 7nm+ EUV, ushers in the change with simultaneous NSA/SA architecture support and 5G peak download speed. HUAWEI Kirin 990 Series include two versions of Kirin 990 and Kirin 990 5G,which are the latest HUAEI AI chipsets, equipped with an s…

නමුත් නවතම වාර්තා අනුව Huawei සමාගම සිය මීළඟ Flagship ජංගම දුරකථනය බලගැන්වීම සඳහා 5nm තාක්ෂණයෙන් යුතු Kirin 1000 Chipset එක Develop කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

අදාල වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම බලසම්පන්න අලුත්ම chipset එක මීළඟට එළිදැක්වීමට නියමිත Huawei Mate 40 ජංගම දුරකතන පෙළ සමඟ නිකුත් කරනු ඇති බවයි.

මෙම නවතම chipset එක නිෂ්පාදනය කිරීම සඳහා මෙම වසර මුලදී නිකුත් වූ Cortex-A77 architecture එක භාවිතා වනු ඇති අතර එය දැනට පවතින Kirin 990 chipset එකේ අඩංගු Cortex-A76 architecture එකට වඩා 20%ක කාර්යක්ෂමතාවයක් ලබාදීමට සමත් වෙනවා.

කොහොම නමුත් මේ අලුත් chipset එක නිකුත් වීමට තවත් මාස 10 ක පමණ කාලයක් ඇති අතර ඒ අතරතුර අපට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ලැබෙනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Huawei Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.