මෙම මාසයේදී නිළ වශයෙන් macOS Catalina සංස්කරණය පරිශීලකයන් හට ලබා දීමට Apple සමාගම කටයුතු කිරීමට සූදානමින් සිටින බව අපි ඔබව කලින් දැනුවත් කලා මතක ඇති.

මීළඟ macOS සංස්කරණය වන Catalina ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කිරීමට Apple සමාගම තීරණය කරයි
දිගු කාලයක් තිස්සේ beta testings සිදු කිරීමෙන් පසුව මීළඟ ඔක්තෝම්බර් මාසයේදීmacOS වල මීළඟ ප්‍රධාන සංස්කරණය වන macOS Catalina සංස්කරණය නිකුත් කිරීමට Appleසමාගම සූදානම් වෙනවා. මෙම යාවත්කාලින කිරීම සමඟ නවතම විශේෂාංග රාශියක් Apple පරිශීලකයන් හට ලැබීමට නියමිතවන අතර, සාමාන්‍යය පරිදි Mac App Store එක හර…

iOS 13 සමඟින් iPhone භාවිතා කරන්නන් හට Apple Arcade සේවාව භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට Apple සමාගම කටයුතු කළ අතර macOS Catalina සංස්කරණය සඳහා ද මේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

කොහොම නමුත් මේ macOS Catalina සංස්කරණයේ stable සංස්කරණයක් තවමත් නිකුත් කර නොමැති වුවත්, macOS Catalina Gold Master සංස්කරණය, එනම් developer වරුන් හට නිකුත් කර ඇති beta සංස්කරණය හරහා Apple Arcade පහසුකම මේ වන විටත් භාවිතා කළ හැකි බව වාර්ථා වෙනවා.

මේ අනුව iOS වල සහ iPadOS මත ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කරනු ලබන games, මේ වන විට mac පරිගණකය හරහා ද භාවිතා කිරීමේ හැකියාව පසුගිය ඔක්තෝම්බර් 4 වැනි දින සිට ලබාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 4 වැනි දින macOS Catalina සංස්කරණයේ stable සංස්කරණයක් නිකුත් කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනු ලැබුවත්, තවමත් එය සාමාන්‍යය පරිශීලකයන් හට නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර නොමැති අතර, iOS 13 සංස්කරණය නිකුත් කිරීමෙන් ඇති වූ තත්ත්වය හමුවේ මෙම සංස්කරණය නිකුත් කිරීම පිළිබඳව ඔවුන් ඉතාමත් පරෙස්සම් වන බවක් දැකිය හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.