Razer Blade වැනි උසස් තත්වයේ පරිගණක ක්‍රීඩා වෙනුවෙන් විශේෂිත laptop හා ඒ ආශ්‍රිත උපාංග නිපදවන  සමාගමක් වන Razer සමාගම විසින් Razer Toast නමින් පාන් ටෝස්ට් කිරීමට උපාංගයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මෙය මූලිකව April Fool's day එක, එහෙමත් මෝඩයාගේ දිනය වෙනුවෙන් නිවේදනය කරනු ලැබූ නිෂ්පාදනයක් වන අතර, ආරම්භයේ මෙය විහිළුවක් ලෙස පෙනුනත් මේ පිලිබදව Razor ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන Min-Liang Tan විසින් මේ පිලිබදව අදහස් දක්වා ඇත්තේ ඔවුන් විසින් එසේ නිර්මාණයක් සිදුකරන බවයි.

මේ සඳහා මූලික අදහස පැමිණ තිබෙන්නේ 2013 වර්ෂයේ සිට Facebook කණ්ඩායමක් විසින් තරයේ මේ ආකාරයේ උපාංගයක් ඉල්ලා තිබීමයි. මේ හේතුවෙන් Razor ආයතනයේ අවදානය මේ වෙත යොමුව තිබෙනවා.

2016 වර්ෂයේ April 1 'මෝඩයාගේ දිනය' දා  Razor සමාගම මේ සදහා තවත් ප්‍රවණතාවයක් ඇති කරන්නේ Razor සලකුණ සහිතව ටෝස්ටරයකට සමාන උපාංගයක් ගැන නිවේදනයක් නිකුත් කළ අතර එය Project Breadwinner ලෙස නම් කරන ලදී.

Min-Liang Tan විසින් විහිළුව Twitter වල පළ කිරීමත් සමඟින් Mark Withers නමැති රසිකයෙක් මේ වෙනුවෙන් Facebook page එකක් නිර්මාණය කරන ලද අතර, ඔහු විසින් Tan හට විශාල ලෙස මේ සදහා බළ කර ඇත.

මේ හේතුවෙන් Tan විසින් පවසා ඇත්තේ එම Facebook පිටුවට likes මිලියනක් ලබාගතහොත් ඔහුගේ මෙම ඉල්ලීම සිදුකරන බවයි.


මෙම පිටුව සදහා likes 46,072 පමණ ලැබී ඇති නමුත් තවත් රසිකයන් 12 දෙනෙකු විසින් tattoos හරහා මෙම ටෝස්ටරය ප්‍රචලිත කිරීමට ගන්නා උත්සාහය දුටු Tan විසින් එම Facebook පිටුවේ මෙසේ දක්වා තිබෙයි.

"Alright - I didn't think these guys were going to make it - but they did. It was to hit 1M likes and with each Razer Toaster tattoo being equivalent to 100K likes each....and they now have 12 Razer Toaster tattoos.

Well....what can I say. I've just officially liked their page - and I'm going to put together my team of designers and engineers. It will take a few years - but I'll be sure to share the progress - and make it a community affair.
"හොඳයි - මම හිතුවේ නෑ මොවුන් ඒක කරයි කියලා - නමුත් ඔවුන් එසේ කළා. එය 1M likes ප්‍රමාණයක් සහ එක් Razer Toaster tattoo එකක්  likes 100K කට සමාන වේ. දැන් ඔවුන් සතුව Razer ටෝස්ටර් tattoo 12ක් තිබෙනවා.

මම ඔවුන්ගේ පිටුවට නිළ වශයෙන්ම like කළ බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මගේ ඉංජිනේරුවන් සහ නිර්මාණකරුවන් මේ වෙනුවෙන් එකතු කරන්නත් කටයුතු කරනවා. කොහොම වුණත් මේ වෙනුවෙන් තවත් අවුරුදු කිහිපයක් ගතවිය හැකි අතර එහි ප්‍රගතිය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන්නම්.

මෙම උපාංගය නිකුත් වීමට බොහෝ කලක් ගතවෙනු ඇති නමුත් Tan විසින් මෙය ප්‍රකාශ කලේ අප්‍රේල් 1 දින නොවන නිසා මේ පිලිබදව අප‍ට බලාපොරොත්තු තබාගත හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා TechRadar වෙබ් අඩවිය හා නිළ Razer වෙබ් අඩවිය භාවිතා කළ හැක.