දැනටමත් මේ Extention එක පරිශීලකයන් මිලියන 3ක් පමණ භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔබත් online shopping වලදී මෙවැනි සේවාවක් භාවිත කරනවා නම් දැන් ඒ ගැන නැවත හිතන්න කාලය ඇවිත්.
වසර ගණනාවක් තිස්සේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න බොහෝ දෙනෙක් අතර ඉතා ම ජනප්‍රිය ව පැවති PayPal සමාගමේ Honey extension එක ඒ වෙත පරිශීලකයන් ආකර්ෂණය කර ගත්තේ එය භාවිත කිරීමෙන් භාණ්ඩ වල මිල ගණන් අඩු කර ගැනීමේ කූපන් කේත හා වට්ටම් පහසුවෙන් සොයා දෙන සේවාවක් ලෙසයි.
සාමාන්‍ය පරිශීලකයන්ට භාණ්ඩ මිලදී ගැනීමේ වෙබ් අඩවි වල සොයා ගැනීමට අපහසු වට්ටම් ලබා දෙන බව පවසමින් තමයි ඔවුන් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කළේ.
ඒවගේම මේ වෙත පරිශීලකයන් බොහොමයක් සම්බන්ධ වුනේ සම්පුර්ණයෙන් ම නොමිලේ මේ සේවාව ඔබට හිමිවන නිසයි. මේ සේවාව ප්‍රචාරණය සඳහා ලෝකයේ ජනප්‍රිය youtuber ලා රැසකුත් සම්බන්ධව සිටියා.
කොහොම නමුත් මෑතකදී හෙළිවූ අක්‍රමිකතා හේතුවෙන් පරිශීලකයන් මිලියන 3 කට වැඩි පිරිසක් Honey extension එක භාවිතය නවතා ඇති බව වාර්තා වෙනවා.
මෙම සේවාව නොමිලේ ලබාදුන්නද, Honey වැනි සේවාවන් මුදල් උපයන්නේ affiliate වැඩසටහන් හරහායි.
කෙසේ වෙතත්, MegaLag නම් YouTube නාලිකාවක් මගින් පළකළ වීඩියෝවක් හරහා Honey හි ගැටලුසහගත ක්‍රියාකාරිත්වය ලෝකයට හෙළි කළා. මේ video ව නිකුත් වෙන්නේ MegaLag වසර කිහිපයක් තිස්සේ සිදු කල විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි.
ඔබ දැක ඇති බොහෝ විට ඔබේ කැමතිම Youtuber හෝ Content Creator කෙනෙක් යම් උපාංගයක් ප්‍රසිද්ධ online store එකකින් මිලදී ගන්න ඔබට links, description එකේ දමා තිබෙනවා. බොහෝ විට ඒ links ඔබව ගෙන යන්නේ ඔවුන්ගේ affiliate code එකක් සහිත Amazon.com වැනි වෙබ් අඩවියකට යි.
මේ විදිහට YouTube වීඩියෝ හෝ වෙබ් අඩවි වල පවතින affiliate codes වෙනුවට Honey වල කේත replace කිරීම ඔස්සේ අදාළ affiliate කේත හිමි කරුවන්ගේ (බොහෝ විට Content Creators ලාගේ) කොමිස් මුදල් Honey සොරකම් කරන බව තමයි මෙහි ප්‍රධාන චෝදනාව වුනේ. මෙය last click attribution ලෙස හැඳින්වෙනවා.
සරලවම කිව්වොත් ඔබ ඒ ලින්ක් click කරලා අදාළ අයිතම මිලදී ගෙන කැමතිම Content Creator වෙත සහය පල කලත් ඔබ Honey extension එක භාවිත කරන්නෙක් නම් අදාළ කොමිස් මුදල creator වෙතින් ගිලිහි යනවා.
Honey වෙතින් පරිශීලකයන් මිලියන ගණනක් ගිලිහෙන්න හේතුව මේක නම් නෙමෙයි. Honey හොඳම කූපන් කේත සොයාදීම වෙනුවට, වෙළෙන්දන් සමඟ එක්ව ඔවුන්ට වාසිදායක කූපන් කේත පමණක් පෙන්වීම සිදුකරන අතරම, පරිශිලකයා අදාළ වෙබ් අඩවිය තුල Honey භාවිතයෙන් කූපන් කේතයක් සොයාගත්තද නැතද, පරිශීලකයා extention එක click කළ පමණින් මිලදී affiliate යොමුව Honey වෙත මාරු කිරීම සිදු කරන බවට චෝදනා නැගෙනවා.
දෙසැම්බර් 21 වනදා පළකළ MegaLag වීඩියෝව දැනට නැරඹුම් මිලියන 14 පසු කර ඇති අතරම Internet Archive හි Wayback Machine දත්ත අනුව, වීඩියෝව පළකිරීමට පෙර පැවති මිලියන 20ක පරිශීලක සංඛ්‍යාව දැන් මිලියන 17 දක්වා පහත වැටී ඇති අතර, වීඩියෝව පළකළ සතියේදී පමණක් පරිශීලකයන් මිලියන 2ක් පමණ අඩුවී ඇති බව දැකගන්න ලැබෙනවා.
Honey හා Paypal සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
මෙම හෙළිදරව් කිරීම් වලින් පසුව, content creators කිහිප දෙනෙකු PayPal සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කොට තිබෙනවා. LegalEagle YouTube නාලිකාවේ හිමිකරු Devin Stone විසින් 2024 දෙසැම්බර් 29 වන දින කැලිෆෝනියාවේ උතුරු දිස්ත්‍රික් උසාවියේ class-action නඩුවක් ගොනු කර ඇති අතර . මෙම නඩුවේ සහ නඩුකරුවන් ලෙස Wendover Productions හි Sam Denby සහ Ali Spagnola ද නම් කර ඇත.
Honey විසින් හිතාමතාම Content Creators ලා ගේ affiliate links ඔවුන්ගේ ඒවා සමඟ ප්‍රතිස්ථාපනය කරන බවත්, මෙය පාරිභෝගිකයන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැති අවස්ථාවලදී පවා සිදුකරන අතර මෙමගින් Content Creators ලා ගේ ආදායම් අහිමි වන බවත් තමයි නඩුවේ චෝදනා කෙරෙන්නේ.
නඩුකරුවන් පවසන්නේ Honey හි මෙම ක්‍රියා කලාපය කැලිෆෝනියාවේ Unfair Competition Law එක උල්ලංඝනය කරන බවත්, මේ ඔස්සේ Content Creator ගේ ව්‍යාපාරික සබඳතා වලට බාධා ඇතිවන බැවින් ඔවුන් ඒ වෙත වන්දි ඉල්ලා සිටින අතර, Honey ට මෙම ක්‍රියා තවදුරටත් සිදු කිරීම වැළැක්වීමට ස්ථිර තහනම් නියෝගයක්ද ලබා ගැනීම මේ නඩුව ඔස්සේ අරමුණු කෙරෙනවා.
Honey හි වර්තමාන මව් සමගම වන PayPal මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ Honey විසින් Affiliate marketing ක්ෂේත්රයේ පිළිගත් භාවිතයන්ට අනුකූලව කටයුතු සිදු කරන බවයි.
මෙම නඩුව affiliate marketing ක්ෂේත්රයේ භාවිතයන් සහ content creator වරුන් සහ සහ Honey වැනි සේවාවන් අතර සබඳතා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge.com වෙබ් අඩවිය, businessinsider.com වෙබ් අඩවිය සහ 9to5google.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.