ඊයේ (ජූනි 4) දින ඇපල් සමාගම ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන iOS 12 පිලිබද තොරතුරු මාධ්‍යයට මුදා හැරියා. මේ ඒ පිළිබදවයි.


Improved Performance (වැඩිදියුණු කළ වේගවත් ක්‍රියාකාරිත්වය)


මීට පෙර නිකුත් කරනලද iOS සංස්කරණ අයුරින් පැරණි ඇපල් උපාංග වල ක්‍රියාකාරිත්වය නොයෙක් අයුරින් අඩාල කළේ යැයි මහජනයා විසින් ඇපල් සමාගමට චෝදනා එල්ල කළත් මෙම ළගදීම මුදාහැරීමට නියමිත iOS 12 සංස්කරණයත් සමග ඔවුන් පෙන්වාදෙන අයුරින් පැරණි ඇපල් උපාංගවල apps විවෘත වීමේ වේගය 40% කින් පමණද, කැමරා app එක විවෘත වීමේ වේගය 70% කින් පමණද, system keyboard එක load වීමේ වේගය 50% කින් පමණද ඉහළ ගොස් ඇත.


Screen Time (උපාංගය පාවිච්චි කල අයුරු)


iOS 12

iOS 12 සංස්කරණයත් සමග පැමිණෙන අලුත්ම Screen Time විශේෂාංගය ඔස්සේ දැන් ඔබ ඔබේ ඇපල් උපාංගය පාවිච්චි කල ආකාරය පිලිබද විස්තර පෙන්වා දෙයි. මෙම තොරතුරු නොයෙක් අයුරින් filter කර ලබාගත හැකි බැවින් එය එදිනෙදා ඇපල් උපාංග පාවිච්චි කරන අයට ඉවහලක් වනු ඇත.

මෙමගින් කිනම් app එකක් ඔබට යම්කිසි කාලයක් තුළ වැඩිම notifications ගණනක් එව්වේද, එම කාලය තුල ඔබ කෙතරම් games play කරාද, Facebook වැනි සමාජ ජාලා සේවා පාවිච්චි කලාද වැනි දේවල් ඉතා පහසුවෙන් දැකගත හැක.

මෙයටම ඇතුලත් කර ඇති තවත් දෙයක් වන්නේ App Limits යන විශේෂාංගයයි. මෙමගින් ඔබගේ හෝ ඔබේ දරුවාගේ ඇපල් උපාංගයේ apps හා features භාවිතය කාලසීමා වලින් සීමා කළ හැක.

උදාහරණයක් වශයෙන් ගතහොත්, ඔබගේ දරුවාගේ ඇපල් උපාංගයේ games භාවිතය දවසට පැය 2 කට සීමා කළ හැක. මීට අමතරව එම සීමාව යම්කිසි app එකකට හෝ apps කිහිපයකට පමණක්ද සීමා කළ හැක.

iOS 12

දරුවා එම සීමාව ඉක්ම යාමට ළංවනවිට ඔහුට එය notification එකක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔහුට හෝ ඇයට එම අවස්ථාවේදී ඔබගෙන් තවත් කෙටි කාලයක් ඉල්ලා සිටිය හැක. ඉල්ලීමක් කළහොත් එය ඔබට ඔබගේ ඇපල් උපාංගයේ notification එකක් මගින් දැනුම්දෙනු ලැබේ. ඔබ එයට කැමැත්ත පළකලහොත්, ඔහුට හෝ ඇයට තව කෙටි කාලසීමාවක් ලැබෙන අතර එසේ නොකළහොත්, ඔහුට හෝ ඇයට ලබාදී තිබූ සීමාව ඉක්මවා යෑම හේතුවෙන් එම app එක close වී යනු ඇත.


Grouped Notifications (සමූහික නිවේදනයන්)


iOS 12

ඔබත් ඔබගේ ඇපල් උපාංගයේ notifications වලින් පීඩාවට පත් වූවෙක් ද? දවසට ඔබගේ notification center එකත් mail notifications වලින් පිරී යන්නේ ද? එම නිසා ඒ අතරතුර තිබිය හැකි වෙනත් වටිනා notifications මග ඇරී ඇත්ද?

iOS 12 සංස්කරණයත් සමග තවදුරටත් මෙය ප්‍රශ්ණයක් නොවේ. ඒ Grouped Notifications (සමූහික නිවේදනයන්) යන විශේෂාංගයට පින් සිදුවන්නටය.

මෙමගින් ඔබට ලැබෙන notifications ඒ ඒ notification එකට අදාල app එක ඔස්සේ group කරනු ලබයි. මීට අමතරව දැන් ඔබට ඒ ඒ app එකට අදාල notification settings ලොක් screen එකෙහිදිම වෙනස් කල හැකිය. වැඩිදියුණු කරන ලද Siri Suggestions විශේෂාංගයේ අධාරයෙන් ඔබට අනවශ්‍ය notifications හදුනාගෙන ඒවා notification center එකේ පෙන්වීමේ හෝ සැගවීමේ settings ඔබට ලබාදෙයි.


Siri Improvements (සිරි විශේෂාංගයේ වැඩිදියුණු කිරීම්)


දැන් සිරි විශේෂාංගයට නළු නිළියන් ගැන තොරතුරු, කෑම බීම පිලිබද තොරතුරු හා ධාවන තරග පිලිබද තොරතුරු ද අසා දැනගත හැක. එමෙන්ම ඔබ පවසන දෑ භාෂා 40 ක් තුල පරිවර්ථන කර අසා දැනගත හැකි වීමද තවත් විශේෂත්වයකි.

iOS 12 සමග සිරි විශේෂාංගයට නව කටහඩක් ද එක්වෙයි. එය දැනට තිබෙන කටහඩට වඩා බොහෝ සෙයින් තාත්වික මුහුණුවරක් ගනු ඇත.


Tongue Detection on Animoji (ඇනිමොජි සමග දිව හදුනා ගැනීමේ හැකියාව)


ඔබත් සෑමවිටම ඔබගේ iPhone X දුරකතනයත් සමග එහි ඇති Animoji පහසුකමත් සමග සෙල්ලම් කරන කෙනෙක්ද? එසේනම් ඔබත් නිසැකයෙන්ම ඔබගේ දිව එලියට දමා තමන්ගේ Animoji එකද එසේ කරනවාදැයි බලා ඇති. එමෙන්ම එසේ නොවීමෙන් කළකිරීමට පත්වී ඇති.

මෙන්න එසේ නම් ඔබට සුභ ආරංචියක්. iOS 12 සමග දැන් ඔබගේ දිවත් හදුනාගැනීමේ හැකියාව ඇත.

මේ සමගම දැනට ලබා දී ඇති Animoji ප්‍රමාණය තවත් Animoji සතරකින් ඉහළ දමා ඇත. ඒ ඔබට ghost, koala, tiger හා T-Rer යන නමින් අලුත්ම Animoji හතරක් ඇතුලත් කරමිනි.


Memoji (මෙමොජි)


iOS 12

iOS 12 සංස්කරණයත් සමග දැන් ඔබට ඔබටම ආවේණික වූ Animoji එකක් සාදා ගත හැක. මෙම නිසා ඔබ iOS සමග එන Animoji ස්වල්පයට සීමාවී සිටිය යුතු නැත. මෙය ඔවුන් Memoji ලෙස හදුන්වයි. මේවා ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයට වෙනස් කරගත හැක. එහි ඇති සමේ වර්ණය, කොණ්ඩා මෝස්තරය වැනි දෑ පවා ඉතා පහසුවෙන් වෙනස් කරගත හැක.

iOS 12


Revamped Apps (අලුත් කරන ලද apps)


iOS 12

මෙම නව සංස්කරණයත් සමග iBooks app එක Books යන නමට හැරවෙයි. එපමණක් නොව මුළු iBooks app එකම නවම අයුරකින් අලුත් කොට ඇත. ඉහලින්ම ඇත්තේ Reading Now නමින් නම් කරන ලද කොටසකි. ඒ තුළ ඔබ දැනට කියවමින් සිටිනා පොත් පෙන්වයි. අනෙක් සියලු දෑ ද මින් පෙර iOS සංස්කරණයන්ගෙන් අලුත් කරන ලද App Store එකට සමාන වෙන අයුරින් නිර්මාණය කර ඇත.

Stocks app එකද නව මුහුණුවරකින් අලුත්වී ඇති අතර News app එකද යම් යම් කුඩා අලුත්වැඩියාවන් වලට ලක්වී ඇත.

මීට අමතරව Voice Memos app එක iPad උපාංග වලට iOS 12 සමග හදුන්වාදීමට නියමිතයි.

iOS 12

iOS 12


Group FaceTime (සමූහික ෆේස්ටයිම්)


iOS 12

iOS 12 ත් සමග දැන් ඔබට පුද්ගලයන් 32 කු අතර Group FaceTime calls ලබාගත හැක. Face Tracking විශේෂාංගයද තවත් වැඩිදියුණු කර ඇත.


New Shortcuts, Share, Measure apps


iOS 12

එමෙන්ම App Store එකෙහි තිබූ Workflow app එක iOS 12 ත් සමගම අන්තර්ගතව නිර්මාණය කර ඇත. එමගින් ඔබට දීර්ඝ වැඩපිලිවෙලවල් කෙටියෙන් කිරීමට (workflow automation) උපදෙස් දෙන්න පුලුවන.

ඇපල් උපාංගයේ කැමරාව අධාරයෙන් දැන් ඔබට යම් යම් දේවල් වල උස, දිග, පළල වැනි දෑ ඉතා පහසුවෙන් මැනගැනීමට පුලුවන. ඒ නවතම Measure app එකට පින් සිදුවන්නටය.


ARKit 2.0, Shared AR Experiences


අලුත්ම iOS 12 සංස්කරණයත් සමග ARKit විශේෂාංගයෙහි දෙවෙනි අනුකරණය (ARKit 2.0) එලිදක්වනු ලැබේ.


තවත් බොහෝ විශේෂාංග රැගත් iOS 12 සංස්කරණය ඔබගේ iPhone X, iPhone 8, iPhone 8 Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 6, iPhone 6 Plus, iPhone SE, iPhone 5s, 9.7‑inch and 12.9‑inch iPad Pro, 2nd generation 10.5-inch හා 12.9-inch iPad Pro, 5th හා 6th generation iPad, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Air, iPad Air 2, හා 6th generation iPod touch උපාංග හා මෙම වර්ශයේ පැමිණීමට නියමිත ඇපල් උපාංග වලට තව කෙටි කලකින් නිකුත්වනු ඇත.

තවත් මෙවැනි පුවත් රැසක් රැගෙන ඔබ හමුවට එන්නම්.