අපි කවුරුත් දන්න YouTube සේවාව ඔවුන්ගේ වෙළඳදැන්වීම් පෙන්වීමේ ක්‍රමය මදක් වෙනස් කරන්නට කටයුතු කර තිබෙන අතර මේ හරහා video නරඹන්නන් සමඟ සම්භන්ද වීමට වෙළඳදැන්වීම් පළ කරන්නන් හට අවස්ථාව ලැබෙනවා.

මේ දක්වා අපි කැමති විදිහේ වෙළඳ දැන්වීමක් දුටු විට අපිට අවස්ථාව තිබුණේ ඒ මත click කර එ් ගැන වැඩි විස්තර සහිත වෙබ් අඩවියකට අපිව රැගෙන යන ක්‍රමයක් වුවත්, මේ යල් පැනගිය ක්‍රමය වෙනුවට අදාල ad එකට සරිලන ලෙස actions භාවිතා කරන්නනට වෙළඳදැන්වීම් පළ කරන්නන්ට පහසුකමක් ලැබෙනවා.

මේ විවිධ ආකාරයේ වෙළඳදැන්වීම් වලට ගැලපෙන ආකාරයට travel booking සිදු කිරීමට, movie ticket book කිරීමට, Apps download කිරීමට මෙන්ම තවත් විවිධ actions එකතු කිරීමට YouTube ආයතනය විසින් කටයුතු කර තිබෙනවා. මේ අනුව අදාල වෙළඳදැන්වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් වැඩිදුර ඔබේ contact details එතනදීම අදාල වෙළඳදැන්වීම් පළ කරන්නාට ලබා දීමට හැකියාව ලැබෙන ආකාරයේ form එකක් වුවත් එකතු කිරීමට අවස්ථාව ලැබෙනවා.

මේ අලුත් extensions දැනටමත් Vodafone, 20th Century Fox වැනි ප්‍රසිද්ධ ආයතන කිහිපයක් සම්බන්ධ කරගනිමින් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර YouTube ආයතනය විසින් වාර්ථා කරන පරිදි 3.5%ක ckickthough rate එකක් මේ අලුත් ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට Vodafone ආයතනය සමත් වී තිබෙනවා.

වෙළඳදැන්වීම් පළ කරන්නන්ට මෙන්ම නරඹන්නන් වශයෙන් අපට ද මෙය ඉතාමත් වැදගත් වන බව තමයි YouTube සමාගම පෙන්වා දෙන්නේ. උදාහරණයක් ලෙස යම්කිසි movie එකක් පිළිබඳව වූ වෙළඳදැන්වීමක් පිළිබඳව ඔබ උනන්දු නම්, එතැනදීම එය නැරඹීමට අදාල ticket එක book කිරීමට ඔබට අවස්ථාව ලැබෙන අතර, ඒ වෙනුවෙන් වෙනත් වෙබ් අඩවියකට යෑමට හෝ තවත් clicks කිහිපයක් වැය කරන්නට සිදුවීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

නමුත් ඉතින් මෙය තරමක් දුරට අපේ අවධානය බිඳින්නටත් හේතු සහගත වන බව අමතක නොකළ යුතු වෙනවා.

මේ ගැන වැඩි විස්තර 9to5google වෙබ් අඩවියෙන් සහ techcrunch වෙබ් අඩවියෙන් දැනගන්න අවස්ථාව තිබෙනවා.