දුරකථනයේ පිටුපස කැමරා සංවේදකය භාවිතා කරමින් Heart Rate එක මැනිය හැකි ක්‍රමයක් Xiaomi සමාගම විසින් සිය Mi Health App එක සඳහා එකතු කිරීමට කටයුතු කර තිබුණු ආකාරය පිළිබඳව මීට පෙර ලිපියකින් අපි බව ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

කැමරාව පමණක් භාවිතා කරමින් Heart Rate එක මැනගත හැකි නව පහසුකමක් Mi Health app එක වෙත එකතු කිරීමට Xiaomi සමාගම කටයුතු කරයි
Smart උපාංග හරහා සිය සෞඛ්‍ය තොරතුරු දැන ගැනීම වර්තමානයේ ඉතා ජනප්‍රිය කටයුත්තක්වන අතර ඒ වෙනුවෙන්ම නිපදවන ලද විවිධ smart උපාංග ද වර්තමානයේ වෙළඳපොල තුළ දැකියහැකි වෙනවා. එමෙන්ම ජංගම දුරකථන වලට ඇතුළත් කොට ඇති Health app වලින්ද මේ හා සමාන කාර්යයක් සිදුකරන අතර Samsung Health, Mi Health වැනි Mobile apps…

එමෙන්ම Galaxy Note හා Galaxy S series හි ඇතැම් මාදිලි වල මෙම පහසුකම කලින් ඇතුළත් කර තිබූ අතර, Galaxy S10e වලින් පසුව පසුව නිකුත් කෙරුණු උපාංග වලින් මෙම පහසුකම ඉවත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනු දැකිය හැකි වුණා.

දැන් ඒ හා සමානම අත්දැකීමක් Pixel දුරකථන හිමිකරුවන්ට ලබාදීමට Google සමාගම සුදානමින් සිටින අතර, Google සමාගම විසින් Google Fit app එකට heart rate එක හා හුස්ම ගැනීමේ වේගය මැනිය හැකි නව පහසුකමක් එක් කිරීමට සූදානමින් සිටිනවා.

View post on imgur.com

Heart rate එක මැනීම සඳහා දුරකථනයේ පිටුපස කැමරා Sensor එක මත ඇඟිල්ල තබාගෙන සිටිය යුතු අතර, Pixel health App එක මඟින් රැධිරය ගමන් කරන විට සිදු වන වර්ණ වෙනස්වීම හඳුනාගෙන ඒ අනුව හෘද ස්පන්දනය කොපමණක්ද යන්න ගණනය කරනු ලබනවා.

එමෙන්ම හුස්ම ගැනීමේ වේගය ගණනය කිරීම සඳහා දුරකථනයේ Selfie කැමරාව භාවිතා කරන අතර, Selfie කැමරාව විසින් ඔබේ පපු ප්‍රදේශය ඉහළ, පහළ යෑම නිරීක්ෂණය කරන අතර එමගින් ඔබේ හුස්ම ගැනීමේ වේගය කොපමණක්ද යන්න ගණනය කිරීම සිදු කරනවා.

Google හි අභ්‍යන්තර අධ්‍යයනයන්ට අනුව, අසාමාන්‍යය සෞඛ්‍ය තත්වයන් සහිත සහ රහිත පුද්ගලයින් සඳහා ශ්වසන වේගය විශේෂාංගය විනාඩියකට එක් හුස්මගැනීම් වාරයක් දක්වා නිවැරදි වෙන අතර හෘද ස්පන්දන කියවීම් 2% ක් තුළ එනම් 98% ක්ම නිවැරදි වන බව අනාවරණය වීම විශේෂත්වයක් වෙනවා.

මෙම පහසුකම ඉදිරියේ දී සියලුම Android පරිශීලකයන්ට ලබාදෙනවාද ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවන නමුත්, මෙම තාක්ෂණය Pixel උපාංග වල ඇති කැමරාවල ක්‍රියාත්මක වනවා හා සමානවම අනෙක් Android උපාංග වල ඇති කැමරා සංවේදක සමඟින්ද, ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පරික්ෂා පරීක්ෂා කිරීමෙන් අනතුරුව, Google සමාගම විසින් එය තීරණය කරනු ඇති බවට බොහෝ දෙනා අනුමාන කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.