Samsung සමාගම විසින් මේ වන විට අන් කවරදාටත් වැඩියෙන් ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා software updates ලබාදීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව දැකගත හැකි වෙනවා.

විශේෂයෙන්ම බොහෝ (තෝරාගත්) ජංගම දුරකථන මාදිලි සඳහා වසර 3ක් දක්වා ප්‍රධාන Android සංස්කරණ සඳහා updates ලබාදීමටත්, වසර 4ක් දක්වා security patches ලබාදීමටත් තීරණය කිරීම මෙන්ම Galaxy S7 වැනි පැරණි මාදිලි සඳහා ද security patches ලබාදීමට කටයුතු කිරීම මෙයට උදාහරණ ලෙස පෙන්වාදිය හැකි වෙනවා.

2016 දී නිකුත් කල Galaxy S7/S7 Edge series එක සඳහා නව security patch update එකක් ලබාදීමට Samsung සමාගම කටයුතු කරයි
Samsung සමාගම විසින් Samsung galaxy S7 හා S7 Edge flagship series එක නිකුත් කරනලද්දේ 2016 මාර්තු මසදී වන අතර එය එළඹෙන 2021 මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම වසර5 ක් පමණ පැරණි ජංගම දුරකථන මාදිලියක් වෙනවා. සාමාන්‍යයෙන් අලුත් Samsung flagship ජංගම දුරකථන සඳහා වසර 3 ක් දක්වා වූ ප්‍රධානAndroid OS upda…

කොහොම නමුත් මේ වන විට ඔවුන්ගේ security updates ලබාදීමේ සැළසුමෙන් 2017 වර්ෂයේදී එළිදැක්වීමට කටයුතු කළ ජංගම දුරකථන 4ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

  • Galaxy J3 Pop
  • Galaxy A5 2017
  • Galaxy A3 2017
  • Galaxy A7 2017

යන මාදිලි සඳහා මේ ආකාරයෙන් security updates ලබාදීම නතර කෙරෙනු ඇති අතර, මීට අමතරව Galaxy A8 2018, Galaxy A02, Galaxy M12 ජංගම දුරකථන monthly update schedule එකෙන් quarterly update schedule එකට මාරු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඉදිරියේදී Galaxy A8 2018, Galaxy A02, Galaxy M12 ජංගම දුරකථන සඳහා security updates ලැබෙන්නේ මාස 3කට එක් වරක් පමණි.

Samsung සමාගමේ නිළ update schedule එක සහ ඊට අදාල ජංගම දුරකථන මාදිලි සියල්ලක්ම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා දැනගැනීමේ හැකියාව ද ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.