පසුගියදා නිකුත් වුණු iPhone XS එක iPhone X එකට පෙනුම, ප්‍රමාණය වගේම මිළ ගණන් අතිනුත් සර්ව සම තත්ත්වයක් පෙන්නුම් කළ බව හැමෝම දකින්න ඇති.

නමුත් මේ දෙක අතර ඇති මිලිමීටරයක පමණ කුඩා වෙනසක් නිසාවෙන් Apple පාරිභෝගිකයන්ට සිදු වන විශාල අපහසුතාවයක් ගැන තමයි මේ news එකෙන් කියන්නට යන්නේ.

මේ iPhone XS එකේ camera එකේ පිටතට නෙරා ඇති කොටස 25.50mm වගේ උසකින් යුක්ත වන අතර iPhone X එකේ මේ කොටසෙහි උස වන්නේ 24.13mm වගේ ප්‍රමාණයක්. ඒ අනුව iPhone XS එකේ camera module එකේ බාහිර කොටස මිලිමීටර් එකකට ආසන්න ප්‍රමාණයකින් iPhone X එකට වඩා උසින් වැඩි වන අතර මේ මිලිමීටර් එකක වෙනස නිසාවෙන් iPhone X එකකට නිෂ්පාදනය කළ Case එකක් iPhone XS එකකට භාවිතා කිරීමට නොහැකි වෙනවා.

ඒ වගේම iPhone XS එකට නිෂ්පාදනය කරනු ලබන case එක iPhone X එකේදී මදක් ලිහිල් ස්වභාවයකින් යුක්ත වන බවත් දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් ඔබ මිලදී ගන්නා case එක plastic හෝ carbon වලින් නිෂ්පාදිත case එකක් නොවන්නේ නම්, ඒ මත සුළු බලයක් යෙදීමෙන් iPhone X case එකක් iPhone XS එකකට යොදාගැනීමට හැකියාවක් තිබෙනවා.

කොහොම වුණත් ‍බාහිර ප්‍රමාණය මිලිමීටරයකින් පමණක් වෙනස් කර එහි අන්තර්ගත camera sensor එකෙහි ප්‍රමාණය 32% ක පමණ ප්‍රමාණයකින් විශාල කරන්නට ඔවුන් සමත් වී තිබෙන බවත් මෙහිදී සැළකිය යුතු වෙනවා.


iPhone X case නිෂ්පාදනය හා අලෙවි කිරීම නවතා දමයි

එමෙන්ම මේ iPhone XS එක නිකුත් කිරීමත් සමඟම iPhone X, iPhone 6s සහ iPhone 7 යන මාදිලි වල දුරකථන නිෂ්පාදනය කිරීම නිළ වශයෙන්ම නැවැත්වීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iPhone X දුරකථන නිෂ්පාදනය නිළ වශයෙන් නතර කිරීම හේතුවෙන් ඊට අදාල උපාංග නිෂ්පාදනය ද නතර කරනු ලබන අතර වෙනත් නිෂ්පාදකයින්ගෙන් මිළදීගතහොත් හැරෙන්නට Apple Store එක හරහා තවදුරටත් iPhone X වලට අදාල case එකක් මිළදීගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.