පසුගිය කාළසීමාව තුළ ලොව පුරා වෙසෙන බොහෝ Android භාවිතා කරන්නන්ගේ මතය වූයේ මෙවර Google සමාගමේ hardware event එක අතරතුරදී smartwatch එකක් එළි දක්වනු ඇති බවයි.

සෑම වසරකම Google සමාගම විසින් ඔවුන්ගේ devices එළි දක්වන අවස්ථාවේදී Pixel 3, Pixel XL 3 සමඟින් “Pixel Watch” නම් වූ smartwatch එකක් එළි දක්වනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වුවත් Tom’s Guide කියන වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරමින් Google සමාගම කියා සිටියේ මෙම වසරේදී ඔවුන්ගේම smartwatch එකකි නිකුත් කිරීමට අදහසක් නොමැති බවයි.

කොහොම වුණත් පසුගිය මැයි මාසයේදී Evan Blass විසින් Twitter පණිවුඩයක් හරහා ප්‍රකාශ කර සිටියේ මෙවර Google සමාගම විසින් smartwatch එකක් නිකුත් කරන බව වුවත්, දැනට පෙනී යන ආකාරයට එසේ සැලසුමක් තිබී එය ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට Google සමාගම කටයුතු කර ඇති බවයි.

Google සමාගමේ Wear OS නිෂ්පාදන ඒකකයෙහි අධ්‍යක්ෂකවරයෙකු වන Miles Barr විසින් කියා සිටි ආකාරයට මෙවර Google smartwatch එකක් එළි නොදැක්වුවත්, වෙනත් තුන්වන පාර්ශවයන් කෙරෙහි ඔවුන්ගේ බළාපොරොත්තු තබාගෙන ඇති බවත්, ඒ අතරින් Fossil Group කියන ඇමෙරිකානු fashin designing සමාගම විශේෂිත ආයතනයක් වන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

කොහොම නමුත් පසුගිය දිනක නිකුත් වූ Wear OS එකෙහි අළුත් පෙනුම සහ Google Fit අන්තර්ගත කිරීමට එහා ගිය අළුත් ආකාරයේ Pixel Smartwatch එකක් නුදුරු අනාගතයේදී දැකගැනීමට හැකි වේවි යැයි විචාරකයින් පවසනවා. මෙයට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙනේනේ Qualcomm ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත අළුත් processor එක වන අතර එය මේ සැප්තැම්බර් මාසයේ 10 වන දින එළිදැක්වීමට නියමිත වෙනවා.