පසුගිය අගෝස්තු මස 30 වන දා App Store Connect හරහා developers ලා හට නිවේදනයක් නිකුත් කරමින් Apple සමාගම පවසා සිටියේ මින් පසු App Store එකට එකතු කරනු ලබන සෑම app එකක් සඳහා ම privacy policy එකක් එකතු කිරීමට අනිවාර්ය්‍ය වන බවයි.

මේ අළුත් නීතිය මීළඟ ඔක්තෝම්බර් මස 3 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර අදාල app එක අන්තර්ජාලය වෙත සම්බන්ධ නොවන ආකාරයේ එකක් වුවත්, ඒ වෙනුවෙන් privacy policy page එකක් සහිත වෙබ් අඩවියක් තිබීම මේ අනුව අනිවාර්ය්‍ය වෙනවා.

කොහොම වුණත් දැනට පවතින apps වලට මේ නීතිය හරහා කිසිවක් සිදු නොවන අතර මීළඟට එම apps වලට update එකක් නිකුත් අවස්ථාවේදී මෙම නීතියට අනුකූලව privacy policy එක ඇතුලත් කළ යුතු වෙනවා.

අදාල app එක හරහා එකතු කරගන්නා ලද දත්ත මොනවාද, එම දත්ත භාවිතා කරන්නේ කුමක් සඳහා ද, අදාල දත්ත එකතු කිරීමෙන් වැළකී සිටින ආකාරය හා දැනට එකතු වී ඇති දත්ත මකා දැමීමට හැකි ආකාරය වැනි කරුණු මේ privacy policy එක මඟින් පැහැදිළිව සඳහන් කළ යුතු වෙනවා.

පසුගිය කාළසීමාව තුලදී Facebook වලින් සිදුවූ දත්ත අවභාවිතය හා GDPR නීති මාලාව මෙම තීරණය ගැනීමට ප්‍රධාන වූ හේතු ලෙස සැළකිය හැකි අතර පෞද්ගලික දත්ත අවභාවිතාව වැලැක්වීම සඳහා මෙම පියවර ඉතාමත් වැදගත් වන බව Apple සමාගම වැඩි දුරටත් පෙන්වා දෙනවා.