Google සමාගම විසින් සෑම මසකදීම ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියේ ව්‍යාප්තිය පිළිබඳව දත්ත නිකුත් කරන්නට කටයුතු කරනු ලබන අතර, මෙම අගෝස්තු මාසය සඳහා වන දත්ත නිකුතුව මේ වන විට සිදු කර තිබෙනවා.

මෙවර දත්ත වල Android Pie (Android 9) පිළිබඳව වූ දත්ත ඇතුලත් නොවන අතර මෙයට හේතුව වශයෙන් සැළකෙන්නේ කිසියම් Android version එකක් භාවිතා කරනු ලබන පිරිස සමස්ත Android භාවිතා කරන්නන්ගෙන් 0.1% ක් වත් නොමැති නම්, එම version එක මේ මාසිකව නිකුත් කරන දත්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමයි.

android-version-distribution-for-august-tech-news-sri-lanka

කොහොම වුණත් Android 9 නිකුත් කර තවමත් එතරම් කාළයක් ගතවී නොතිබීමත්, තවමත් Pixel devices සහ Essential Phone වැනි devices කිහිපයකට පමණක් stable releases ලැබී තිබීමත් මෙයට හේතුවක් වන්නට ඇති.

OnePlus 6, Xiaomi Mi Mix 2S, සහ Nokia 7.1 Plus වැනි devices වලට beta releases ලැබී තිබුණත් බොහෝ වෙලාවට මේ beta updates ලබා ගැනීමට භාවිතා කරන්නන් වැඩි දෙනෙකු කැමති නොවන නිසා ඔවුන්ගේ ප්‍රමාණයද අඩු වෙනවා.

මීට අමතරව custom Android 9 Pie ROMs භාවිතා කරනු ලබන අය සිටියත්, ඔවුන්ගේ ප්‍රමාණය Android භාවිතා කරනු ලබන සමස්ථ පිරිස සමඟ සංසන්චනය කළ විට 0.1% පමණ වත් නොමැති බව තමයි නිගමනය කරන්නට හැකි වන්නේ.

තත්ත්වය තවමත් මෙසේ වුවත්, මීළඟ මාස කිහිපය ඇතුලත මෙහි සීඝ්‍ර වර්ධනයක් බළාපොරොත්තු විය හැකි බව විචාරකයන් පවසන අතර විශේෂයෙන්ම Project Treble නිසාවෙන් දුරකථන නිෂ්පාදකයින්ට (OEMs) අඩු කාළ සීමාවක් තුලදී අළුත් update එක ලබා දීමට හැකියාව ලැබෙන බවත් වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙනවා.