Google සමාගම විසින් Android 12 නවතම සංස්කරණය හඳුන්වාදීමෙන් අනතුරුව ඔවුන් විසින් ලඟදීම Android 12L version එක හඳුන්වාදීමට සූදානම් වෙනවා.

L යන්නෙන් Large යන්න කියවෙනවා සේම මෙම නවතම 12L version හි අරමුණ වන්නේ විශාල තිර සහිත Foldable හා Tab වැනි Android උපාංග වලට වඩා හොඳ මෙහෙයුම් පද්ධතියක අත්දැකීම ලබා දීමයි.

Google සමාගම පෙන්වා දෙන පරිදි මෙ වන විට Android ධාවනය වෙන Tablets, Foldable devices හා ChromeOS මගින් බළගැන්වෙන උපාංග සංඛ්‍යාව මිලියන 250 කට අධික වෙන අතර එම අගය වාර්ෂිකව 20% ක වර්ධනයක් පෙන්වනවා.

View post on imgur.com

මේ නිසා විශාල තිර සහිත උපාංග සඳහා Android 12L යනු සාර්ථක යෝජනාවක් වනු ඇති අතර, මෙම 12L version එකත් සමඟ පරිශීලකයන්ට නවතම notifications bar එකක්, වැඩිදියුණු කළ quick settings, lock screen, home screen , overview/recent apps panel ආදිය මෙන්ම system එකේ අනෙක් සෑම විටම column දෙකක layout එකක් ලෙස ලබාදීමට නියමිතයි.

එමෙන්ම සුවිශේෂී පහසුකමක් ලෙස මෙම නවතම version එක සමඟ Windows වල මෙන් Taskbar එකක් ලැබෙනු ඇති අතර, මෙමඟින් multi tasking වඩා පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනවා.

View post on imgur.com

එමෙන්ම ඉතාම පහසුවෙන් Drag and Drop ලෙස icon, Taskbar වෙත එක් කිරීමටත් ඉවත් කිරීමටත් හැකියාව තිබෙන අතර, Android 12L සමග ලැබෙන සියලුම Apps, Split screen පහසුකම සඳහා ද සහය දැක්වීම සුවිශේෂි කරුණක් වෙනවා.

එමෙන්ම ඉහත රූපයේ පෙනෙන පරිදි තිර  ප්‍රමාණයන් තුනක් සපයමින් Android  ක්‍රියා කරන බහුවිධ තිර ප්‍රමාණයන්ට වඩා හොඳින් අනුගත වීම සඳහා ඔවුන්ගේ යෙදුම් යාවත්කාලීන කරන ලෙස Google සමාගම App developer වරුන්ගෙන්ද  ඉල්ලා සිටිනවා.

මීට අමතරව google play store තුළ large screen සඳහා ප්‍රමාණවත් ලෙස සහාය නොදෙන App පිළිබඳව පරිශීලකයින්ට පූර්ව දැනුම් දීම්ද සිදුකරනු ඇති අතර, එම App, large screen හෝ flodable screen වලට සහය දෙන ආකරය අනුව යම් ranking ක්‍රමයක්ද හඳුන්වාදීමට නියමිතයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ නිළ Android Developers Blog අඩවිය භාවිතා කළ හැක.