පසුගිය සතියේ අපට අසන්නට ලැබුණු අලුත් ප්‍රවෘත්තිය වුයේ Facebook විසින් සිය සමාගම් නාමය වෙනස් කරන්නට යන කතාව බව ඔබට මතක ඇතැයි අප සිතනවා.

Facebook සමාගම මව් සමාගමක් යටතේ නැවත නම් කිරීමට සූදානම් වෙයි
Active පරිශීලකයන් බිලියන 2.5 කට වඩා සිටින Facebook සේවාව යටතේ WhatsApp, Instagram, Facebook Messenger, Oculus වැනි සමාජ මාධ්‍ය සේවාවන් කිහිපයක් අධීක්ෂණය කරමින් පරිපාලනය වනවා. 2015 වසරේදී Google

ඊයේ දින එනම් ඔක්තෝබර් 28 දින පැවැත්වීමට වාර්ෂික සම්බන්ධක සමුළුවේදී Facebook සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Mark Zuckerberg විසින් සිය සමාජ මාධ්‍ය වේදිකා සහ සේවාවන් එකාබද්ධ කොට මව් සමාගමක් ලෙස ඉදිරිදැක්ම කරා ගමන් කරන බව ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව නවතම ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි Facebook සමාගමේ අලුත් නම ලෙස "Meta" යන්න යෝජනා වී ඇති අතර, ඒ අනුව Facebook, Instagram, WhatsApp හා Oculus යන සමාජ මාධ්‍ය සේවාවන් හි මව් සමාගම "Meta" ලෙස නම් වනු ඇති.

The Facebook Company Is Now Meta | Meta
CEO Mark Zuckerberg announced Meta, a new company brand for Facebook apps and technologies.
Meta සමාගම පිළිබද වැඩි දුර විස්තර සදහා සිය නිළ වෙබ් පිටුව පරිශීලනය කරන්න

එමෙන්ම මෙහිදී "Metaverse" යන වචනයක් පිළිබඳවද කරළියට පැමිණ තිබෙන අතර එයින් අදහස් කරන්නෙ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

කෙසේවෙතත් මෙම "Meta" සමාගම අංශ දෙකක් යටතේ ප්‍රතිව්‍යුහගත කරනු ඇති අතර ඒ Family of Apps සහ Reality Labs යන අංශ දෙක යටතේයි. ඒ අනුව Oculus Quest 2 සමගින් Oculus වෙතින් නව රියැලිටි අත්දැකීමක් ලබා ගැනීමට ද ඉදිරියේදී Oculus පරිශීලකයන්ට හැකියාව ලැබෙනවා. Meta සමාගම පෙන්වා දෙන ආකාරයට Family of Apps (Facebook, Instagram, WhatsApp වැනි සමාජ මාධ්‍ය) නව මුහුණුවරකින් කරළියට පැමිණීමට නියමිතය.

Metaverse නම් Virtual විශ්වයක් සෑදීමේ ක්‍රියාන්විතය පිලිබඳව Mark Zuckerberg විසින් සිදුකරන ලද වැඩිදුර පැහැදිලි කිරීම සදහා මෙම Video ව පරිශීලනය කරන්න

එමෙන්ම Meta සමාගමේ ඉලක්කය "Metaverse" යන නව සංකල්පය වෙත ගමන් කිරීම වන බවද සඳහන් වන අතර මිනිසුන්ට සම්බන්ධ වීමට, ප්‍රජාවන් සොයා ගැනීමට සහ ව්‍යාපාර වර්ධනය කිරීමටද මෙම නව සංකල්පය ඔස්සේ කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණයි. ඒ සදහා මොවුන් ඉදිරි පරම්පරාවේ නිර්මාපකයින් පුහුණු කිරීම සදහා ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් ද නිවේදනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා  GMSArena වෙබ් අඩවිය සහ TheVerge වෙබ් අඩවිය භාවිතා කළ හැක.