‌මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්.

මේ වන විටත් ඔබ WhatsApp යෙදුමේ Status විශේෂාංගය භාවිතා කරනවා ඇති. නමුත් යම් අත්වැරදීමකින් හෝ යම් අඩුපාඩුවක් සහිතව Status එකක් පළ වුවහොත් එය Delete කර ගැනීමට පරිශීළකයාට සිදු වනවා. නමුත් එය සැනින් ඉවත් කිරීමට පරිශීලකයාට හැකියාවක් ලැබෙන්නේ නැත. තරමක් අසීරු ක්‍රියාකලාපයකට පසු පරිශීලකයාට තමා පළ කරන ලද Status Delete කර ගැනීමේ හැකියාව පැවතුනත් ඒ අතර කාලයේදී පළ කරන ලද Status අනෙකුත් පරිශීලකයන් විසින් නැරඹීමේ ඉඩකඩ තිබෙනවා.

කෙසේ වෙතත් WhatsApp යෙදුමේ පළ කරන ලද WhatsApp Status සැනින් ඉවත් කර ගැනීම සදහා Undo Status නමින් නව විශේෂාංගයක් මෙම සේවාව හා එක් කිරීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම Undo Status හරහා ඔබ පළ කරන ලද WhatsApp Status අනෙකුත් පරිශීලකයන් නැරඹීමට පෙර පහළින් දිස්වෙන Undo විශේෂාංගය හරහා සැනින් ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් පරිශීලකයන් කිහිප දෙනෙක් නැරඹීමෙන් පසු ඔබට සාමාන්‍ය පරිදි පළ කරන ලද WhatsApp Status Delete කර ගැනීමට සිදු වනවා.

මෙම විශේෂාංගය WhatsApp Beta පරීශීලකයන් හට WhatsApp Beta සංස්කරණය (Android 2.21.22.6) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Wabetainfo වෙබ් අඩවිය සහ Digital Information වෙබ් අඩවිය භාවිතා කළ හැක.