2017 වර්ෂයේදී මුලින්ම YouTube app එක වෙත එකතු කරනු ලැබූ video සහ direct messages යැවීමේ පහසුකම 2018 වර්ෂයේදී ‍YouTube වෙබ් අඩවියට ද එකතු කිරීමට Google සමාගම කටයුතු කළා.

කොහොම නමුත් මීළඟ සැප්තැම්බර් මස 18 වැනි දින සිට මෙම පහසුකම ඉවත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙන බව මේ වන විට ඔවුන්ගේ support වෙබ් අඩවිය හරහා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් 18 වැනි දින සිට YouTube හරහා තනි තනිව හෝ group chat ආකාරයෙන් direct messages යැවීමේ පහසුකම භාවිතා කිරීමේ අවස්ථාව අහිමි වන අතර, ඒ වෙනුවට වෙනත් platform එකක් හරහා අදාල videos share කිරීමේ පහසුකම භාවිතා කිරීමට කටයුතු කරන ලෙස ඔවුන් සඳහන් කරනවා.

දරුවන්ගේ ජංගම දුරකථන වල messaging/social apps ඔවුන්ගේ දෙමාපියන් විසින් block කර තිබීම නිසාවෙන් මේ messaging පහසුකම බොහෝ විට දරුවන් විසින් වැඩි වශයෙන් භාවිතා කර ඇති බවත්, මෙම පහසුකම ඉවත් කිරීම පිළිබඳව වැඩි වශයෙන්ම දරුවන් කනගාටුව ප්‍රකාශ කර ඇති බවත් Tech Crunch වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

YouTube platform එක තුළ comments, posts සහ stories සඳහා වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කිරීමට Google සමාගම කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් සඳහන් කරන නමුත්, මේ messages පහසුකම ඉවත් කිරීම වෙනුවෙන් පැහැදිළි හේතුවක් ඉදිරිපත් කිරීමට තවමත් කටයුතු කර නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Google Support වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.