Amazon සහ Google යන සමාගම් ද්විත්වය මේ දක්වා ලොව Smart speaker අලෙවියේ කිරුළු දරා සිටීමට සමත් වුණත් මේ වන විට චීන සමාගමක් වන Baidu සමාගම විසින් Google සමාගම අභිබවා යාමට සමත් වී තිබෙනවා.

Baidu සමාගම තමන්ගේ නිෂ්පාදන අලෙවි කරනු ලබන්නේ චීනය ඇතුලත පමණක් වුවත්, 2019 වර්ෂය තුළ ඔවුන්ගේ smart speaker අලෙවිය 3,700% ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙන අතර මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව තුළ පමණක් smart speaker මිලියන 4.5ක් පමණ අලෙවි කිරීමට සමත් වී තිබෙනවා.

Google සමාගම විසින් ඔවුන්ගේ smart speaker මිලියන 4.3ක් අලෙවි කිරීමට සමත් වී තිබුණත්, එය පසුගිය වර්ෂයට වඩා 19.8% ක පමණ පසුබෑමක් බව වාර්ථා වන අතර මේ අනුව ලොව smart speaker අලෙවියේ දෙවැනි තැනට පත් වන්නට Baidu සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

Baidu සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන smart speaker වල DuerOS නමින් හැඳින්වෙන AI Platform එකක් ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තවත් නිෂ්පාදන කිහිපයකම මේ platform එක අන්තර්ගත කර ඇති බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් Alexa මගින් බළගැන්වෙන smart speaker මිලියන 6.6ක් අලෙවි කරමින් තවදුරටත් smart speaker අලෙවියේ ප්‍රමුඛයා ලෙස කිරුළු දැරීමට Amazon සමාගම සමත් වී තිබෙන අතර Google Home හෝ Amazon Echo devices චීනයේ හැර ලොව අනෙකුත් සියළුම රටවල් වල පාහේ අලෙවි කිරීමට ‍මොවුන් කටයුතු කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.