Google සමාගම විසින් සිය search engine එක සඳහා නව පහසුකමක් අත්හදාබලමින් සිටින අතර එම පහසුකම මගින් ඔබට Instagram හා Tiktok යන platform වල තිබෙන short videos, Google search ඔස්සේ search කිරීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව මෙම නව පහසුකම මගින් ඔබට මෙම platform ද්විත්වයෙහිම apps open කිරීමකින් තොරව ඒවා search කිරීමට හා ඒවා වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇති.

මෙම පහසුකම දැනටමත් ඇතැම් පරිශීලකයින් හට ලැබී තිබෙන බව සඳහන් වන අතර දැනට ජනප්‍රිය ඇමෙරිකානු පාපන්දු තරගාවලියක් වන NLF තරඟාවලියෙහි teams වලට අදාල වීඩියෝ පමණක් මෙලෙස search results ලෙස ලැබෙන බව සඳහන් වෙනවා.

Instagram හා Tiktok යන platform වල තිබෙන short video එකක් search කළ විට දුරකතනයේ interface එක මත short videos නමින් අළුත් කොටසක් දැකිය හැකි අතර, ඔබ විසින් යම් වීඩියෝවක් click කළ විට එම වීඩියෝ එක තිබෙන platform එකේ web view එක වෙත ඔබව යොමු කිරීමට Google search පහසුකම විසින් කටයුතු කරනු ලබනවා.

එමෙන්ම Google සමාගම විසින් තවත් short items හා short video formats කිහිපයක්ම මෙම අලුත් පහසුකම වෙත එකතු කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරියේදී මේ සියලුම වෙනස්කම් සමගින් මෙම පහසුකම සියලුම පරිශීලකයන්ට ලබාදීමට Google සමාගම සූදානමින් සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.