Xiaomi සමාගමේ නවතම flagship දුරකථන මාදිලිය වෙන Xiaomi Mi 11 ජංගම දුරකථනය පසුගියදා චීනයට පමණක් නිකුත් කිරීමට Xiaomi සමාගම කටයුතු කරනු ලැබුවා .

මෙම මාදිලිය අලුත්ම Qualcomm Snapdragon 888 chipset එක සමගින් නිකුත් කළ අතර ඒ අනුව එය 5nm chipset එක සහිත ලොව පළමු Android ජංගම දුරකථනය වෙනවා.

මෙම මාදිලිය නිකුත් කිරීමෙන් පසු එහි පළමු අලෙවි කිරීම ඊයේ දිනයේ සිදු වුණා. එහිදී මිනිත්තු 5ක් තුළ ඒකක 350,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට Xiaomi සමාගම සමත් වී තිබෙන අතර එහි සම්පූර්ණ වටිනාකම යුවාන් බිලියන 1.5 ක් පමණ වෙනවා.

මෙම දුරකථනයේ තිබෙන 1440p ක අඟල් 6.68 ක AMOLED තිරය 515 ක් තරම් ඉහළ pixel density එකකින් යුතු වෙන අතර එය 120Hz refresh rate එකකට ද සහය දක්වනවා.

මෙම සුවිශේෂීතාවයන් නිසාම මෙම තිරය display mate ශ්‍රේණිගත කිරීම් වල A+ rank එකක් ලබා ගැනීමට සමත් වි තිබෙනවා.

මෙහි මීළඟ අලෙවි දිනය ලෙස ජනවාරි 5 නම් කරන තිබෙන අතර මිල ලෙස සඳහන් වන්නේ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොළර් $770 ක් පමණ මුදලකුයි.

කොහොම වුණත් මෙම Mi 11 මාදිලිය දැනට ලොව අනෙක් රටවලට නිකුත් කර නොමැති අතර තවම International launch එකක් පිළිබඳව නිවැරදි තොරතුරක් වාර්තා වන්නේ ද නැහැ.

මේ අතර මෙම Mi 11 මාදිලියේ Pro version එකක්, Mi 11 Pro නමින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වන අතර එම මාදිලිය, Mi 11 හි තිබෙන triple camera setup එක වෙනුවට quad camera setup එකකින් සමන්විත වන බව සඳහන් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.