පසුගිය මාසයේදී, Google සමාගම විසින් "Launch Night In" event එක හරහා ඔවුන්ගේ නවතම ජංගම දුරකථන සහ Made by Google hardware එළිදැක්වීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට Google සමාගම විසින් Google Search එකෙහි නවතම වැඩිදියුණු කිරීම් ඇතුළුව තවත් බොහෝ දේ හඳුන්වාදීම සඳහා ඔක්තෝබර් 16 වනදා ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 12:30 ට “Google Search On” නමින් live stream event එකක් ප්රකාශයට පත් කර ඇති අතර ඔබට එය YouTube හරහා මෙන්ම ඔවුන්ගේ event page එක හරහාද නැරඹීමට හැකියාව තිබෙනවා.
Google Search is helping people understand the world in new ways. Tune in Thursday, October 15 at 12pm PT to see how → https://t.co/TEOBDToQ07 #SearchOn pic.twitter.com/Ip1qcqfoOf
— Google (@Google) October 14, 2020
මෙම වසර මුලදී Google සමාගම විසින් ඔවුන්ගේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කළ අතර ඒ වෙනුවට කුඩා blog සටහන් සහ ඉදිරිපත් කිරීම් මාලාවක් හරහා ඔවුන්ගේ නවතම news සහ updates අනාවරණය කර තිබෙනවා.
මෙම event එකත් එම රටාව අනුගමනය කරන බවක් පෙනෙන අතර මෙහිදී Google Search පිළිබඳව පමණක් නොව, Google Assistant, Google Maps, Google Lens වැනි tools වෙත පැමිණීමට නියමිත නවතම විශේෂාංගයන් පිළිබඳව තොරතුරුද දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා engadget වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.