පසුගිය වසරේ Google සමාගම විසින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ඉලක්ක කරගෙන Lookout කියන app එක ගැන නිවේදනය කරන්නට කටයුතු කරනු ලැබුවා.

මේ App එක හරහා ඇස් පෙනීම නොමැති අයට තමන් අවට තිබෙන දේවල් තම ජංගම දුරකථනය භාවිතා කරමින් හඳුනාගැනීමේ පහසුකම ලබා දෙන අතර text read කිරීමට, විවිධ සංඥා හඳුනාගැනීමට, Barcode scan කිරීමට වැනි දේවල් සිදු කිරීමට මෙයට හැකියාව තිබෙනවා.

Artificial Intelligence, එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය භාවිතා කරමින් මෙම සේවාව ලබා දීමට කටයුතු කරනු ලබන අතර පසුගිය වසර පුරාවටම මෙම සේවාව විවිධ අයුරින් වැඩිදියුණු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ වන විට මේ Lookout app එක Google Play Store හරහා download කරගැනීමේ අවස්ථාව ලබා දී තිබුණත්, Google Pixel devices භාවිතා කරනු ලබන ඇමෙරිකානු පුරවැසියන් සඳහා පමණක් මූලිකව මෙය ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් මෙය අනෙකුත් platform වලට සහ අනෙකුත් ජංගම දුරකථන වලට ලබා‍දීමට නියමිත නිශ්චිත දිනයක් පිළිබඳව නම් තවමත් වාර්ථා වන්නේ නැති වුවත්, ඉතාමත් ඉක්මණින්ම මෙය තවත් platforms, devices සහ රටවල් වලට ලබා දීමට කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TheVerge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.