Google සමාගම විසින් ඔවුන්ගේ නවතම tablet පරිගණකය වන Pixel Slate devices එක පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති Pixel 3 දුරකතනය එලි දක්වීමේ උත්සවයේදී ප්‍රකශයට පත් කරන ලද බව අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති.

නමුත් එහිදී එය නිල වශයෙන් නිකුත් කරන දිනය පිලිබදව ප්‍රකාශයක් සිදු නොකරන ලද නමුත් මේ වන විට මෙම උපාංගය pre-order, එහෙමත් නැතිනම් පෙර ඇනවුම් කිරීමට හැකියාව ලබා දීමට stores කිහිපයකින් ම කටයුතු කර තිබෙනවා.

මෙහි මිල ගණන්  $600 සිට $1600 දක්වා වන අතර මේ Pixel Slate Tab එක keyboard stand එකක් සහිතව භාවිතා කිරීමේ හැකියාවක් ද තිබෙන නමුත් එය අතිරේකව $200ක මුදලක් ගෙවා මිලදීගතයුතු වෙනවා. එමෙන්ම අවශ්‍යය නම් තවත් $100ක් ගෙවා stylus එකක් ද මිලදීගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහි Operating System එක වශයෙන් Chrome OS මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන අතර ඔබට මෙම උපාංගය Amazon, Best Buy, B&H, සහ Google Store වැනි stores මගින් පෙර ඇණවුම් කර මිලදී ගැනීමට හැකියාවක් උදා වී තිබෙන අතර මෙහි මාදිලි කිහිපයක් ම දැකගන්නට ලැබෙනවා.

  • Intel Celeron/4GB RAM/32GB storage
  • Intel Celeron/8GB RAM/64GB storage
  • 8th Gen Intel Core m3/8GB RAM/64GB storage
  • 8th Gen Intel Core i5/8GB RAM/128GB storage
  • 8th Gen Intel Core i7/16GB RAM/256GB storage

කොහොම නමුත් මේ විවිධ stores වල දර්ශනය කර ඇති devices විවිධ මාදිලි වලට අයත් වන අතර Google Store එකෙහි මේ වන විට දකින්නට ලැබෙන්නේ මෙහි සඳහන් වන Celeron models පමණි.

Best Buy වෙබ් අඩවිය සඳහන් කරනු ලබන අන්දමට නොවැම්බර් මස 22 වැනිදා ද, Google සමාගම සඳහන් කරනු ලබන ආකාරයට නොවැම්බර් 29 - 30 වැනි දින වලද මෙලෙස pre-order කරනු ලබන devices මිලදීගන්නන් වෙත ලැබෙනු ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.