Google Pixel 6 සහ Pixel 6 Pro ජංගම දුරකථන වල යැයි අනුමාන කරන renders කියිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

කතුවරයා
Varuna Prabhath
Save කරන්න
Share කරන්න

    Pure Andoid experience එකක් ගන්න කැමති Andoid ලෝලීන් අතර අතිශය ජනප්‍රිය Google Pixel smartphone line up එකේ නවතම version එක, ඒ කියන්නෙ Google Pixel 6 ගැන මේ වන විටත් විවිධ තොරතුරු හෙළිවෙමින් තිබෙනවා.

    ඒ අතර Google සමාගම මෙතෙක් සිය Pixel smartphone series එක සඳහා කල Snapdragon chipset එක වෙනුවට තමන්ගේම Chipset එකකින්, එනම් Whitechapel Chip එක ඔස්සෙ බල ගන්වන්නට සූදානමින් සිටින බවට වූ පුවත හෝ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නට ද සමත් වුණා.

    Google සමාගම විසින් Pixel 6 ජංගම දුරකථනය ඔවුන්ගේම Chipset එකක් මගින් බළගැන්වීමට සූදානම් වන ලකුණු
    වසර කිහිපයක් තිස්සේ අසන්නට ලැබුණු පරිදි තමන්ගේම Chipset එකක් නිර්මාණය කිරීමේ Google සමාගමේ ව්‍යාපෘතිය මේ වන විට යථාර්ථයක් බවට පත් පත්වෙමින් තිබෙන බව නවතම පුවත් මුලාශ්‍රයන් විසින් පෙන්වා දෙනවා. ඒ අනුව Whitechapel (GS101) ලෙස නම් කරන ලද Google සමාගමේ පළමු Chipset එක මඟින් ඔවුන්ගේ Pixel Smartphone ser…

    ඒ වගේම ඔන්න දැන් Pixel 6 series එකේ යැයි සැලකෙන renders කීපයක් අන්තර්ජාලයට එකතු වී තිබෙන අතර ඒවාට අනුව මෙතෙක් රැගෙන ආ Pixel smartphone වල design වෙනුවට සම්පූර්ණයෙන්ම වෙනස් සහ අලුත් design එකක් Pixel 6 සඳහා ලබාදී තිබෙන බව පෙනී යනවා.

    මෙවර Pixel XL version එකක් වෙනුවට Pro version එකක් හඳුන්වාදීමට Google සමාගම සූදානම් වන බවට ද අනුමාන කළ හැකි අතර ඊට හේතුව නම් මෙවර Pixel 6 හා 6 Pro ලෙස version දෙකක renders මෙලෙස අන්තර්ජාලයට එකතු වී තිබීමයි.

    ඒ වගේම මෙම Design එක තුළ triple camera setup එකක්ද දක්නට ලැබෙන අතර, Camera bump එක සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයෙන් නිර්මාණය කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. එසේම එය තරමක් පිටතට නෙරා එන ලෙස නිර්මාණය කර තිබෙනවා.

    මූලිකව ප්‍රසිද්ධ tipster කෙනෙකු වන Jon Prosser විසින් මේ renders අන්තර්ජාලයට එකතු කිරීමට කටයුතු කළ අතර, තවත් ප්‍රසිද්ධ tipster කෙනෙකු සහ Android Police වෙබ් අඩවියෙහි කතෘවරයෙකු වන Max Weinbach විසින් ද මෙය තහවුරු කිරීමට කටයුතු කර තිබෙන නමුත්, එහි වර්ණ වෙනස් විය හැකි බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

    ඉතින් කොහොම නමුත් මේ නිර්මාණය සැබෑ Design එක පදනම් කරගෙන තෙවන පාර්ශවයක් විසින් නිර්මාණය කර තිබෙන බවද වාර්තා වුවත්, මෙම නව design එක මීලඟ Pixel device එකේ බවට පත්වීමට විශාල ඉඩක් පවතිනවා.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.