Android ලෝකය තුළ full view display එක දැනටමත් ආගන්තුක නොවන අතර මේ වන විට සියලුම Android දුරකථන පාහේ නිකුත් වන්නේ මෙම full view display concept එක තුළ සිටයි.

කොහොම උනත් phone එක unlocking සඳහා සංකිර්ණ Face ID තාක්ෂණයක් භාවිතා කරන iPhone සඳහා තවමත් මෙම Notch concept එකෙන් මිදීමට නොහැකි වී තිබෙන අතර ඒ නිසාම iPhone X එකේ සිට අද දක්වාම iPhone, සම්ප්‍රදායික Notch එකක් සහිත Display සමඟින් නිකුත් වෙනවා.

Face ID තාක්ෂණය ඇතුළත් chip එකද, selfie කැමරාවද ඇතුලුව තවත් sensors කිහිපයක්ම මෙම Notch එක තුළ රඳවා ඇති අතර, මේ නිසා Apple දුරකථන වල මෙම Notch එක ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සරල නොවන කටයුත්තක් වෙනවා.

කොහොම උනත් Apple සමාගම මෙම Notch එකේ Size එක ටිකෙන් ටික අඩු කිරීමට සෑම වසරකම උත්සහ කරන අතර ඔන්න දැන් නවතම තොරතුරු පෙන්වා දෙන පරිදි iPhone 13 එකේ Notch එක දැනට තිබෙන iPhone 12 එකට වඩා අඩකින් එනම් 45%-50% ක් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිතයි.

DigiTimes වෙබ් අඩවිය විසින් මෙම තොරතුරු සඳහන් කරන අතර Apple සමාගමද iPhone 13 සඳහා කුඩා Notch එකක් ලබා දීම සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තු තබා තිබෙන බවද දැනගන්නට ලැබෙනවා.

නවීන තාක්ෂණය සමඟ Face ID එක සඳහා භාවිතා කරන chip එකේ size එක අඩකින් පමණ අඩු කරගැනීමට Apple සමාගමට හැකියාව ලැබී තිබෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස Notch එක කුඩා කිරීමට Apple සමාගමට හැකියාව ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

මීට පෙරද iPhone 13 එකේ යැයි සැලකෙන Screen protector එකක renders ද අන්තර්ජාලයට leak වූ අතර, එහිද notch එකේ size එකේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බැවින් මෙම තොරතුර සත්‍ය වීමට වැඩි සම්භාවීතාවයක් පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.