Apple සමාගම විසින් පසුගියදා iPhone 13 series එක එළිදැක්වීම ලොව පුරා තාක්‍ෂණික ප්‍රවෘත්ති වල ප්‍රධාන තැනක් ගන්නා පසුබිමක, Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel 6 series එකට අයත් Google Pixel 6 සහ 6 Pro ජංගම දුරකතන දෙක, New York නගරයේ Google Store එකෙහි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.

Via Reddit

ඊට අමතරව, New York නගරය පුරාවට Pixel 6 සහ Pixel 6 Pro devices දැක්වෙන billboards කිහිපයක්ද දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ වනවිටත්, Google Pixel 6 සහ 6 pro ජංගම දුරකතන පිළිබඳව තොරතුරු බොහොමයක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර, එය Tensor chipset එකකින් බලගැන්වෙන බව මෙන්ම, ඒ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබූ Pixel දුරකතනවල renders කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.

Google Pixel 6 සහ Pixel 6 Pro ජංගම දුරකථන වල යැයි අනුමාන කරන renders කියිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි
Pure Andoid experience එකක් ගන්න කැමති Andoid ලෝලීන් අතර අතිශය ජනප්‍රිය Google Pixel smartphone line up එකේ නවතම version එක, ඒ කියන්නෙ Google Pixel 6 ගැන මේ වන විටත් විවිධ තොරතුරු හෙළිවෙමි

මෙම images වලින් දැකගැනීමට හැකියාව ඇති ජංගම දුරකතන ද්විත්වයද එම renders වලින් දැකගැනීමට හැකිවූ පෙනුමට සමාන වෙනවා.

දැනට වාර්තා වී ඇති නිළ නොවන තොරතුරුවලට අනුව, Pixel 6 device එක Google “Tensor,” Titan M2 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර, එයට Under-display fingerprint sensor එකකින් සමන්විත 6.4-inch FHD+ 90Hz display එකක් සහ Standard 50MP camera එකක් සහ Ultrawide camera එකක් අන්තර්ගත වනු ඇත.

එමෙන්ම, Pixel 6 Pro device එකද Google “Tensor,” Titan M2 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර, එයට Under-display fingerprint sensor එකකින් සමන්විත 6.7-inch QHD+ 120Hz display එකක් සහ Standard 50MP camera එකක් සහ Ultrawide camera එකකට අමතරව, 4x Telephoto camera එකක්ද අන්තර්ගත වනු ඇති බවට වාර්තා වෙනවා.

මීට අමතරව, Google සමාගම විසින් මේ වසරේ අවසන් කාර්තුව වන විට folding Pixel device එකක්ද නිකුත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය (1), (2) භාවිතා කළ හැක.