Google Pixel 3 ජංගම දුරකථනයේ පෙනුම පිළිබඳ බොහෝ දෙනා කනගාටුවෙන් පසු වුවද, එහි අන්තර්ගත වූ Night Sight පහසුකම නිසාවෙන් පසුගිය දින වල මේ ගැන විශාල වශයෙන් කතාබහට ලක් වුණා.
කෙසේ වෙතත් මේ Pixel 3 ජංගම දුරකථන මිළදීගන්නට කටයුතු කළ කිහිපදෙනෙකු විසින් ම එහි වූ memory management එහෙමත් නැතිනම් RAM එක කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලුවක් පිළිබඳව වාර්ථා කර තිබුණා.
a sure fire way to kill a Spotify stream on the Pixel 3 is to open the camera and snap a few shots https://t.co/9sJibz0HEQ
— dan seifert (@dcseifert) October 16, 2018
එනම් music app එකක් වගේ background එකෙන් run වන apps වෙනත් කටයුතු කිරීමේදී close වී යන බවට වාර්ථා වී තිබුණා. උදාහරණයක් වශයෙන් එක් පරිශීලකයෙකු පවසා සිටියේ Spotify මගින් ගීත අසමින් Camera එක භාවිතා කිරීමට තැත් කිරීමේදී, ඡායාරූප කිහිපයක් ලබාගැනීමේදී Spotify app එක close වී යන බවයි.
කෙසේ වෙතත් මේ ආකාරයේ ගැටළුවක් Pixel 3 ජංගම දුරකථන වල ඇතැයි සනාථ කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඉක්මණින්ම software update එකක් ලබා දීමට කටයුතු කරනු ලබන බවද ප්රකාශ කර සිටියා.
නමුත් ඔවුන්ගේ නොවැම්බර් මාසයට අදාල update එකට මෙම ගැටළුව සඳහා වූ fix එක අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කර නොතිබූ අතර එය මීළඟ සති කිහිපය ඇතුලත බළාපොරොත්තු විය හැකි බව දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.