Google සමාගමේ Pixel ජංගම දුරකථන මුලින්ම වෙළඳපොලට නිකුත් කළ දින සිටම එහි අන්තර්ගත වන Camera එක පිළිබඳව ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණු බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

ඔන්න දැන් මේ Pixel Camera app එකේ Photobooth mode එකට නව පහසුකමක් එකතු කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර, මේ හරහා කිසිඳු button එකක් press නොකර Photos ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ අනුව smiles, tongue-out, kissy/duck face, puffy-cheeks, සහ surprise යන ඉරියව් හඳුනාගැනීමට මෙයට හැකියාව ලබා දී තිබෙන අතර 2017 වර්ෂයේ Google සමාගම විසින් නිකුත් කළ Google Clip කියන camera එකේ අන්තර්ගත වන තාක්ෂණය වැඩිදියුණු කර මෙම පහසුකම නිර්මාණය කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ වන තුරු මෙම Photobooth mode එක හරහා AI භාවිතා කරමින් පරීක්ෂා කරනු ලැබුවේ අදාල frame එක තුළ සිටින සියළුම පුද්ගලයන් ඇස් ඇරගෙන සිටිනවාද නැද්ද යන්න පමණක් වන අතර දැන් ඉහත සඳහන් ඉරියව් වලදී Shutter button එක press නොකර ම photo එක ලබා ගැනීමේ හැකියාව මෙයට ඇතුලත් කර තිබෙනවා.

විශේෂයෙන්ම දෙදෙනෙකු සිපගැනීම වැනි අවස්ථාවකදී මුහුණ හෝ කිසියම් නිශ්චිත හැඩයක් භාවිතා කරමින් එම අවස්ථාව හඳුනාගැනීමට නොහැකි වීම නිසාවෙන් මෙම තාක්ෂණය වැඩිදියුණු කළ කණ්ඩායමට එය අභියෝගයක්ව පැවතුණු නමුත්, එය සාර්ථකව නිම කිරීමට ඔවුන්ට මේ වන විට හැකියාව ලැබී තිබෙන බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ වන විට Google Pixel 3 ජංගම දුරකථන වල Google Camera 6.2 සංස්කරණය භාවිතා කරන්නන් හට මෙම පහසුකම ලබා දීමට කටයුතු කර ඇති අතර පැරණි Pixel ජංගම දුරකථනයක් භාවිතා කරනවා නම් GCam app එක භාවිතා කිරීමෙන් ද මෙම පහසුකම භාවිතා කළ හැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා AndroidPolice වෙබ් අඩවිය භාවිතා කළ හැක.