පසු ගිය දිනක ඉතාමත් අවාසනාවන්ත හදිසියේ ඇතිවූ ගින්නක් නිසා ලෙස අති පූජනීය Notre-Dame 💒 දේවස්ථානය ගින්නකට හසු වීම සකල ලෝකවාසි කතෝලික ජන හදවත් මෙන්ම බොහෝ දෙනෙකු කම්පා කරවන්නක් විය.

Notre-Dame යනු ඉතිහාසය සමඟින් ගැඹුරු සම්බන්ධකම් ඇති නගරයක් වන ප්‍රංශයේ පැරිස් නගරයේ හි පැරණිම කොටසක් වන අතර සඳුදා සිදුවීම් සැළකීමේදී, Ubisoft සමාගම මෙම දෙව්මැදුර යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර කිරීම සඳහා යුරෝ 500,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට කටයුුතු කර තිබෙනවා.

Assassin's Creed game මාලාව නිර්මාණය කළ Ubisoft සමාගම මේ දේවස්ථානය ඔවුන්ගේ Assassin's Creed Unity game එකේ ඉතාමත් සත්‍යාසන්න ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී තිබීම නිසාවෙන් මෙම දේවස්ථානයේ තිබෙන තේජස සහ අලංකාරය පිළිබඳ අත්දැකීම ලබා ගැනීම සඳහා සියළුදෙනා හට අවස්ථාවක් ලබා දීමට ද මේ වන විට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Assassin's Creed Unity game එක අප්‍රේල් මස 25 වැනිදා වන තුරු නොමිලයේ ලබා දීමට Ubisoft සමාගම තීරණය කර තිබෙන අතර මේ game එකේ අන්තර්ගත වන ඉතාමත් නිවැරදි මට්ටමේ දත්ත මෙම දේවස්ථානය නැවත ගොඩනැගීමේ කටයුතු වලදී ඉතාමත් වැදගත් වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අති පූජනීය Notre-Dame දේවස්තානය මෙම ක්‍රීඩාවේ කතා මාලාවේ ඇතුලත් වන සුලභ දසුනක් වන අතර දේවස්ථානය game එක සඳහා ප්‍රතිනිර්මාණය කිරීමේදී වසර දෙකක් පමණ තිස්සේ ලබාගත් 3D Scan වල දත්ත ද මොවුන් සතුව ඇති බැවින් එවා ඉදිරියේදී ඉතාමත් ප්‍රයෝජනවත් වන ඇති බව ද මොවුන් පෙන්වා දෙනවා.

ඉතින් මෙම දේවස්ථානයේ පිටත හා ඇතුලත තිබෙන අති උත්කර්ෂවත් ගෘහ නිර්මාණ ශිල්පය දැකගැනීම සඳහා මේ වන විට සෑම කෙනෙකුටම අවස්ථා ඇති අතර මේ Link එක හරහා Ubisoft registration page එක භාවිතා කරමින්, එහි උපදෙස් අනුගමනය කිරීම හරහා මෙම Game එක නොමිලයේ ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම Game එක ලබා ගැනීම සඳහා Uplay මෘදුකාංගය install කළ යුතු වන අතර එය Install කිරීමෙන් පසුව, ඉහත page එකේ ලබා දෙන Open Uplay යන option එක select කිරීම මගින් game එක download කරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.

මේ ආකාරයෙන් මෙම game එක ලබාගත් පසුව එය ඔබගේ Uplay library එකට මෙය ඇතුලත් වන අතර, ජීවිත කාලයටම මෙය ඔබ සතු වන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Ubisoft වෙබ් අඩවිය, foxnews වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක. Game එක ලබා ගැනීම සඳහා නිළ Ubisoft වෙබ් අඩවිය භාවිතා කළ හැක.