Google Pixel 3 ජංගම දුරකථනය හඳුන්වා දෙන විට ඒ සමඟ එළිදැක්වූ call screening පහසුකම ගැන මේ වන විටත් ඔබ දන්නවා ඇති.

මේ හරහා ලැබෙන ඇමතුම් වලට පිළිතුරු සපයන්නට Google Assistant භාවිතා කළ හැකි අතර එම ඇමතුම හරහා ගලා යන සංවාදය screen එක හරහා බලා ගන්නට පරිශීලකයාට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම අදාල ඇමතුම spam call එකක් නම්, ඒ කියන්නේ marketing call එකක් නම්, එය එක tap කිරීමක් මගින් block කර දැමීම වැනි පහසුකම් ද Google Assistant විසින් ලබා දෙනවා.

ආරම්භයේදී Pixel 3 exclusive, එනම් Pixel 3 වලට පමණක් ආවේණික වූ feature එකක් වුණු මෙය, ඔන්න දැන් Google Pixel 2 සහ Pixel 2 XL යන ජංගම දුරකථන වලට ලබා දීමට Google සමාගම සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා.

මේ පහසුකම ලැබුණු විට, එය enable කිරීම සඳහා කිසිඳු පියවරක් අනුගමනය කළ යුතු නැති නමුත් එහි භාවිතා වන voice එක වෙනස් කිරීම වැනි settings සඳහා Phone app එකේ Settings වල Call Screen නම් වූ අලුතින් එකතු වන option එක හරහා සිදු කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මේ පහසුකම භාවිතා කරනු ලබන ආකාරය ගැන demo එකක් ද එහිදී බලාගත හැකි බව දැනගන්නට ලැබෙනවා.

පසුගියදා නිකුත් කළ Google Phone app එකේ අලුත්ම සංස්කරණය සමඟින් මේ පහසුකම නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇතත්, මේ පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර නොමැති අතර ඔයාටත් Pixel 2 ජංගම දුරකථනයක් තියනවා නම් මේ පහසුකම අත්හදා බලන්නට හැකියාව ලැබේවි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Droid-Life වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.