CES 2020 event එක අතරතුරදී Samsung සමාගම විසින් ඔවුන්ගේ Odyssey gaming monitor එකේ G7 හා G9 නම් වූ සංස්කරණ දෙකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර මෙම version දෙකම ඇමරිකාව හා කොරියාව තුළ Pre-Orders සඳහා විවෘතව තිබුණද ගෝලීය වශයෙන් මෙය මේ දක්වා නිකුත් කිරීමට කටයුතු කර තිබුණේ නැහැ.

එම අඩුපාඩුව සපුරාලමින් Samsung සමාගම මේ වන විට Odyssey G9 Gaming Monitor එක ගෝලීය වශයෙන් නිකුත් කිරීම ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙය ලොව ප්‍රථම dual-QHD resolution තාක්ෂණය සහය දක්වන monitor එක වන අතර එය 1000R ක තරම් ඉහළ වක්‍රතාවයකින් යුතු වනවා.

මෙහි ඇති Display එක HDR 1000 certification එක සහිත QLED තිරය HDR10+ තාක්ෂණය සඳහා සහය දක්වන අතර ඒ අනුව මෙම monitor එක ලොව පළමු HDR10+ සහාය දක්වන monitor එක වෙනවා.

මෙහි ඇති අද්විතීය Curve Design එක නිසාම 2020 CES ප්‍රදර්ශනයයේදී computer peripherals සහ accessories කාණ්ඩයේ හොඳම innovation එකට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් වුණා.

මේ monitor එක අඟල් 49 ක Curve QLED තිරය 5120×1440 resolution එකක් හා aspect ratio එක 32:9 දක්වා සහය ලබා ලබා දෙන අතර 240Hz, refresh rate එකකින් ද සමන්විත වෙනවා.

1000 nits අගයක ඉහළ පරාසයක brightness එකකින් යුත් මෙම monitor එක DCI-P3 වර්ණ සංයෝජනයෙන් 95% ක් ආවරණය කරන අතර එය NVIDIA G-Sync සහ AMD FreeSync Premium Pro යන Snyc Technology දෙකටම සහය දක්වනවා.

පරිශීලක අවශ්‍යතාවය පරිදි මෙම monitor එක rotate කිරීමට tilte කිරීමට ද හැකියාව ලබාදී තිබෙන අතර TÜV Rheinland ශ්‍රේණිගත කිරීම් වල 1000R Curved Display Category එකට අදාල හොඳම Eye Comfort සහතිකය ලබාගත් පළමු monitor එක වන්නේ ද මෙම Odyssey G9 monitor එකයි.

මෙම සුවිශේෂීතාවයන් නිසාම $1600 ක් තරම් ඉහළ මිලකට මෙම monitor එකේ මිල නියම කිරීම ට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය, SamMobile වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.