Boeing 737 Max 8 යන මාදිලියට අයත් දෙවෙනි යානය පුද්ගලයින් 157 දෙනෙකු සමඟ පසුගිය මාසයේ ඉතියෝපියවේදී විනාශ විය. මීට පෙර ඉන්දුනීසියාවේදී ගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී ද මෙම මාදිලියේම ගුවන් යානයක් අනතුරට පත්විය.

මේ වන විට සමාජ මාධ්‍ය ජාලය හරහා ඉතියෝපියානු ගුවන් අනතුර සිදුවූ ආකරය පිලිබදව පැතිරී යන කතාව නම් ගුවන් යානයේ මෘදුකාංගයක කුරුල්ලෙක් වැදීම නිසා මෙම අනතුර සිදුවූ බවයි. මෙහි ඇති හාස්‍ය සහගත බව නිසා අපි මේ පිලිබදව සොයාබැලීමක් සිදු කලා.

මෙම ගුවන් අනතුරට ප්‍රධාන සාධකය වී තිබෙන්නේ Manoeuvring Characteristics Augmentation System (MCAS) නමැති ස්ව්‍යංක්‍රීයව ක්‍රියා කරන සංවේදක පද්ධතියේ සිදුවූ වැරදි දත්ත කියවීමකි.

මෙම MCAS පද්ධතිය මගින් සිදුකරන කාර්යය නම් ගුවන් යානයේ ගමන් කරන ආනතිය පාලනය කිරීමයි. එනම් ගුවන් යානය සීග්‍රයෙන් ඉහල යනවානම් ගුවන් යානයේ නාසය, නැත්තම ඉදිරිපස කොටස පහතට යොමු කිරීමයි.

විශේෂයෙන්ම aerodynamic stall එකක්, එහෙමත් නැතිනම් වායුගෝලීය පීඩනය වෙනස් වීමකදී ඇතිවන අසමතුලිත තත්ත්වය ස්ව්‍යංක්‍රීයව පාලනය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිතා කෙරෙනවා.

මෙම පද්ධතියේ තිබු දෝෂය වී ඇත්තේ එහි සංවේදක විසින් මෙම යානයේ ඉදිරිපස කොටස සීග්‍රයෙන් ඉහල යන බවට වැරදි දත්ත කියවීමක් සිදුකර තිබීමයි. මෙම සිදුවීම හඳුනාගත් යානයේ නියමුවන් දෙදෙනා විසින් Boeing සමාගම විසින් ලබා දී තිබූ උපදෙස් වලට අනුව අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග සියල්ල සිදු කලද යානය manual පාලනයට ගත නොහැකිවී තිබෙන බව වාර්ථා වෙනවා.

මේ හේතුව නිසාවෙන් යානය අධික වේගයෙන් පොලව දෙසට යොමුවී පැමිනීම නිසා මෙම අනතුර සිදුවී තිබෙන බව වාර්ථා වෙනවා.

මේ MCAs පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ගුවන්යානයේ සවි කර ඇති sensors ද්විත්වයකින් වන අතර මෙයින් එක් sensor එකක පක්ෂියෙකු ගැටීමක් හෝ ඊට සමාන ක්‍රියාවලියක් සිදුවීම මෙහි වැරදි දත්ත කියවීම‍ට හේතු විය හැකි බව Ethiopian Airlines ආයතනය අදහස් දක්වනවා.

මේ අනතුරත් සමගම ලෝකය පුරා මෙම මාදිලියට අදාල සියලුම ගුවන් යානා පියාසරයන් අත්හිටුවීමට තීරණය කර ඇති අතර Boeing ආයතනය මේ සදහා මෘදුකාංග යාවත්කාලින කිරීමක් සිදු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Sky.com වෙබ් අඩවිය හා The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.