Messaging services අතරින් Telegram යනු මේ වන විට ඉතාමත් ජනප්‍රිය service එකක් වන අතර Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධිස්ථානය අභිබවා යාමට සමත් වු බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධිස්ථානය අභිබවා යාමට සමත් වෙයි
Telegram සේවාව ඔවුන්ගේ milestone එකක් වූ active පරිශීලකයින් මිලියන 400 සීමාව පසුකළ බව මීට ටික දිනකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. මෙම වසර ඇතුළත Telegram සදහා group video calls පහසුකම ඇතුළත් කිරීමට සූදානම් වෙයිTelegram කියන්නේ දැනට මිලියන 400ක් පමණ active usersලා සහිත messaging app එකක්වගේම අන…

2015 වර්ෂයේදී Telegram App එකට powerful photo editor එකක් එකතු කිරීමට Telegram සමාගම කටයුතු කළ අතර එම features එක මේ වන විට බොහෝමයක් Telegram පරිශීලකයින් භාවිත‍යට ගනු ලබනවා.

එමෙන්ම මේ වන විට Telegram සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම update එක හරහා media editor එකක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර මෙමඟින් පහසුවෙන්ම videos සහ තවත් බොහෝ දෑ edit කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම අලුතින් පැමිණි update එක මගින් ඔබට taps දෙකකින් video එක් ස්ව්‍යංක්‍රීවය optimize කරගැනීමේ හැකියාව ලැබෙන අතර අවශ්‍ය නම් තමන්ට අවශ්‍යය ආකාරයට brightness, saturation වැනි දෑ වෙනස් කර, මෙම ක්‍රියාවලිය manually සිදු කිරීමේ හැකියාවත් ලබාදී තිබෙනවා.

Animated Stickers on Media

එමෙන්ම ඔබට දැන් ඕනෑම ඡායාරූපයකට හෝ වීඩියෝවකට animated stickers එක් කළ හැකි අතර ඉහත පෙන්නවා ඇති GIF එක මෙන් Photo එකකට animated stickers එකක් එක්කර, එය GIF එකක් ලෙස අනිත් පුද්ගලයාට යැවීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.

Speaking of GIFs

GIFs ගැන කථා කරන විට, App එකෙහි ඇති GIF පහසුවෙන් සොයාගැනීමට සහ කළමනාකරණය කරගැනීම සඳහා නව Trending section එකක් සහ වඩාත්ම ජනප්‍රිය emotions ආවරණය වන පරිදි emoji-based tab හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව GIF වල loading time එක ද වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති අතර මෙම වෙනස් කම් මගින් පරිශීලකයා හට GIF සෙවීම වඩාත් පහසු කරනු ඇතැයි Telegram ආයතනය අපේක්ෂා කරනු ලබනවා.

Flexible Folders

ඔබට chats categorize කිරීමට අවශ්‍ය නම්, ඔබ කැමති ආකාරයෙන් අදාල chats මත long press කිරීම හරහා ඒවා folders වලට වෙන වෙනම ගොනු කරගැනීම හරහා වඩා කළමනාකාරීත්වයකින් chat list භාවිතා කිරීමේ හැකියාව ද මේ සමඟින් ලබා දී තිබෙනවා.

Android Goodies

මෙහිදී විශේෂයෙන්ම Android පරිශීලකයින් සඳහා පමණක් තවත් features කිහිපයක් නිකුත් වී තිබෙන අතර message එකක් send කර එය නැවත edit කිරීමේදී සහ delete කිරීමේදී smooth animation එකක් ලබාදීම, තරමක් දිගු caption සහිත video කළමනාකරණය, තත්පර 30ට අඩු video auto නැවත නැවත play වීම, wave animation එකක් සහිතව audio messages play වීම ආදිය මීට ඇතුලත් වෙනවා.

මීට අමතරව Cache management මෙන්ම Two-Step Verification password පහසුකම වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති බව Telegram ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Telegram blog වෙබ් අඩවිය, සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.