Fuchsia OS කියන නම බොහෝ වෙලාවට ඔයාට පසුගිය වසර කිහිපය තිස්සේ ඇහිලා ඇති. මේ Fuchsia OS කියන්නේ Google සමාගම ඔවුන්ගේ Android හෝ Chrome OS මගින් දැනට බලගැන්වෙන Chrome Books, Smart home devices සහ ජංගම දුරකථන වැනි සියළුම devices වල ධාවනය කළ හැකි වන සේ නිර්මාණය කරමින් පවතින මෙහෙයුම් පද්ධතියක් බව දැනගන්න ලැබෙනවා.

Fuchsia-OS-tech-news-sinhala

දීර්ඝ කාලයක් තිස්සේ රහසක්ව පැවති මේ අමුතු විදිහේ මෙහෙයුම් පද්ධතිය පිළිබඳව මුලින්ම දැනගන්නට ලැබුණේ දැනට වසර දෙකකට පමණ පෙර ඔවුන් විසින් මෙහි source code එක GitHub repository එකකට upload කිරීමෙන් පසුවයි.

එමෙන්ම පසුව එය "Armadillo" නම් වූ user interface එකක් සමගින් යාවත්කාලීන වීම නිසාවෙන් මෙය වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් වුණා.

Fuchsia-OS-preview-tech-news-sinhala

කොහොම නමුත් මේ Fuchsia OS එක අන්තර්ගත වූ smart home devices මීළඟ වසර තුන ඇතුලත වෙළඳපලට නිකුත් කිරීමට Google උත්සාහ දරණ අතර මීළඟ වසර 5 ඇතුලත ජංගම දුරකථන හා laptop වැනි ප්‍රමාණයෙන් විශාල devices සඳහා නිකුත් කිරීමට ඔවුන් උත්සාහ කරන බව Bloomberg යන වෙබ්අඩවිය විසින් පෙන්වා දෙනවා.

Google සමාගම විසින් දැනට භාවිතා කරනු ලබන Android හා Chrome OS එක අතර සම්බන්ධතාවයට ඇති බාධක ඉවත් කරමින් ඉතාමත් පහසුවෙන් යාවත්කාලීන කිරීමට මෙන්ම ආරක්ෂාවට මුල් තැනක් දෙමින් මෙම අළුත් OS එක නිර්මාණය කිරීමට ඔවුන් යොමු වී සිටිනවා.

කොහොම නමුත් මේ පිළිබඳව Google සමාගම විසින් The Verge වෙබ් අඩවියට පවසා තිබුණේ මෙම Fuchsia OS යනු Google සමාගමේ දැනට අත්හදාබලමින් සිටින ව්‍යාපෘති වලින් එකක් පමණක් වන බවත්, ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබා දීමට තවමත් නොහැකි බවත් ය.