AR එහෙමත් නැතිනම් Augmented Reality කියන්නේ මේ වෙනකොට ක්‍රමයෙන් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් බවට පත් වෙමින් යනවා. පසුගිය WWDC event එකේදී iPhone එකෙන් මේ AR ඉතාමත් ප්‍රායෝගිකව බාවිතා කරන්න පුළුවන් විදිහේ app එකක් ඉදිරිපත් කළා මතක ඇති.

ඒ වගේම ඔන්න දැන් Amazon සමාගම ඔවුන්ගේ iOS app එකට මේ AR භාවිතා කරන්න කටයුතු කරලා තියනවා. බොහෝ වෙලාවට අපිට ඕන දෙයක් Amazon එකෙන් ඇණවුම් කරගන්න පුළුවන් වුණත්, විවිධ වර්ග වලට අයත් වෙන ඇණ, මුරිච්චි වගේ කුඩා කොටස් හරියටම හොයාගන්න අපිට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා.

amazon-part-finder-in-action-tech-news-sinhala

ඉතින් ඔබට සොයාගැනීමට අපහසු වන ඇණ-මුරිච්චි වැනි කුඩා කොටස් camera එක හරහා හඳුනාගෙන Amazon හරහා එම කොටස් මිලදී ගැනීමට අවස්ථාව උදා කරන්නට Amazon සමාගම සූදානම් වෙලා තියනවා.

මේ පහසුකම ක්‍රියාත්මක වෙන්නේ අදාල අංගයේ width එක හා depth එක මැනගැනීමෙන් වන අතර ඉතාමත් වැදගත් වෙන විදිහේ (අවධානම් සහගත හෝ තීරණාත්මක වටිනාකමක් සහිත) කොටසක් නම් තාමත් Hardware shop එකකට ගිහින්ම එය මිළදී ගැනීම වටිනවා.

amazon-part-finder-uses-ar-tech-news-sinhala

මෙම තාක්ෂණය පිටුපස සිටිනුයේ 2016 වර්ශයේදී Amazon විසින් මිළදීගත් PartPic නමැති ආයතනය බව දැනගන්නට ලැබෙනවා. මේ PartPic කියන්නේ කුඩා කොටස් හඳුනාගැනීම වෙනුවෙන්ම විශේෂිත වූ ආයතනයක්.

මේ Amazon Part Finder පහසුකම මේ වන විට screws, nuts, bolts, and washers වැනි කුඩා කොටස් ප්‍රමාණයකට හොඳින් සහය දක්වන අතර නුදුරු අනාගතයේදීම තවත් කොටස් මෙයට එකතු කිරීමට Amazon සමාගම බළාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පහසුකම දැනට ලබාගත හැකි වෙන්නේ iOS වලට පමණක් වන අතර Android වලට මෙය ලැබෙන කාළයක් පිළිබඳව තවමත් දැනගන්න ලැබෙන්නේ නැහැ.