Facebook එකේ යාළුවෙක් share කරලා තියන photo එකක්, ඔයාගේ Google Drive එකේ save කරගන්න වුවමනා නම්, Facebook එකෙන් ඒක download කරලා, Google Drive එකට upload කරන්න ඕන නේද?

එහෙම නැතිව Facebook එකෙන් සෘජුවම ඔයාගේ Google Drive එකේ අදාල image එක save කරන්න පුළුවන් නම් ඒක කොයි තරම් වටිනවා ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්න ඔන්න දැන් Google, Facebook විතරක් නෙවෙයි Microsoft සහ Twitter එකත් එකතු වෙලා ඔවුන්ගේ සේවාවන් අතර අන්තර්සම්බන්ධතාවයක් ඇති කිරීමට කටයුතු කරමින් පවතිනවා. මේ ව්‍යාපෘතිය Data Transfer Project යනුවෙන් හඳුන්වන අතර මෙය open-source ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන්නත් ඔවුන් තීරණය කරලා තියනවා.

මේ හැම platform එකකම දැනට පවතින API හරහා බාවිතා කරන්නාට තමන්ගේ දත්ත වෙනත් platform එකකට මාරු කරගන්න අවස්ථාව ලබා දෙන්න මේ ව්‍යාපෘතියෙන් කටයුතු කරනවා.

data-transfer-project-tech-news-sinhala

මේ අනුව කිසියම් සේවාවක් වෙනුවට ඒ හා සමාන වෙනත් සේවාවකට මාරු වෙන්න, එහෙමත් නැතිනම් තමන්ගේ දත්ත backup කරගන්න මේ හරහා බාවිතා කරන්නාට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම අදාල සේවාව සතු ඔබ පිළිබඳ වූ සියළුම දත්ත මෙම API හරහා නිකුත් කරන්නට කටයුතු සූදානම් කරන්න මොවුන් බළාපොරොත්තු වෙනවා. මෙයට ඉදිරියේදී තවත් ආයතන එකතු වීමට අවස්ථාව ඇති අතර ඒ අනුව අනාගතයේදී Youtube Music playlist එකක් Spotify එකට import කිරීම වැනි දෑ සිදු කරගැනීමට පසුබිමක් නිර්මාණය වේවි.

කොහොම වුණත් මේ සේවාව තාමත් සාමාන්‍යය භාවිතයට සූදානම් තත්ත්වයක නැති අතර මෙය open-source ව්‍යාපෘතියක් බැවින් ඒ වෙනුවෙන් දායක වෙන්න ඔයාට අවස්ථාව තියනවා.