Google maps කියන්නේ මේ වෙනකොට අපි හැමෝම පාවිච්චි කරන ඒ වගේම හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වන අතර මේ ගැන නොදන්නා කවුරුත් නැති තරම්.

වැඩි වශයෙන්ම අපි Google maps පාවිච් කරන්නේ නොදන්නා තැනකට යන්න, නැතිනම් අපි ඉන්න තැන අපේ යාලුවෙකුට එහෙමත් නැත්නම් පවුලේ කෙනෙකුට දන්වන්න.

ඒ වගේම මේ වෙනකොට අපි හැමෝටම තියෙන ප්‍රධාන ප්‍රශ්ණ වලින් එකක් තමයි අපේ Mobile Phone එකේ battery Low වෙන එක. ඉතින් හදිසියේවත් තමන්ගෙ පවුලේ කෙනක් එක්ක ඔයා location එක share කර ගන්න ගමන් ඔයාගේ Battery එක බැස්සොත් ඔයා ඉන්න තැන එයාලට පෙන්නන්නෙ නැතිව යනවා. එ් වගේ අවස්ථාවක ඔයාගේ පවුලෙ අය ඔයා ගැන බය වෙන්න පුලුවන්.

ඔන්න ඔය ගැටලුවට විසදුමක් විිදිහට තමයි Google maps වල මේ අලුත් feature එක හඳුන්වා දෙන්න Google සමාගම කටයුතු කරලා තියෙන්නේ.

google-maps-location-sharing-now-also-shares-your-phones-battery-life-tech-news-sinhala

ඉතින් මේ අලුත් feature එකත් එක්ක, ඔයා ඔයාගේ යාලුවෙක් එක්ක එහෙමත් නැත්නම් පවුලේ කෙනෙක් එක්ක, ඔයාගෙ location එක share කරගන්න කොට ඔයා ඉන්න තැන පෙන්නවත් එක්කම ඔයාගෙ battery life එකත් මොන වගේද කියල ඔයා Location එක share කර ගන්න කෙනාට පෙන්නනවා.

ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක කොයිතරම් ප්‍රයෝජනවත් feature එකක්ද කියලා. ඒ වගේම අද සිට සියලුම iOS හා Android versions වලට අදාල devices වලින් මේ අලුත් feature එක අත්විඳින්න අවස්ථාව ලබාදීමට Google සමාගම කටයුතු කරන බවත් දැනගන්නට ලැබෙනවා.