2014 වර්ශයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 22 කට Facebook සමාගම විසින් WhatsApp සමාගම මිලදී ගැනීමට කටයුතු කළ බව මේ වෙනකොට අපි හැමෝම වගේ දන්න කාරණාවක්.

කොහොම නමුත් මේ විශාල ආයෝජනය මගින් මේ වන තුරු Facebook සමාගමට ආදායමක් ලබා ගැනීමට නොහැකි වූයේ WhatsApp නොමිලයේ භාවිතා කළ හැකි සේවාවක් වන නිසාවන් මෙන්ම ආරම්භයේ සිටම ad පෙන්වීමට කටයුතු නොකළ නිසාවෙනි.

ලොව ජනප්‍රියම mobile messaging app එක වන WhatsApp එක හරහා ලබන වසරේ ආරම්භයේ සිට ads පෙන්වීමට Facebook සමාගම මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

WhatsApp status වලට මෙම ad එකතු කිරීම සිදු කිරීමට නියමිත අතර මේ හරහා පෙන්වන ads නැවැත්වීමට හැකියාවක් ද භාවිතා කරන්නන්ට ලැබෙන්නේ නැහැ. මෙයට සමාන ad feature එකක් මේ වන විට Instagram හරහා ද ක්‍රියාත්මක වෙනවා.

ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර WhatsApp Business නමින් ව්‍යාපාරයන් සඳහාම වෙන් වූ තවත් සේවාවක් එළිදක්වන්නට ඔවුන් කටයුතු කළා.

Ads පෙන්වීමට අමතරව මේ WhatsApp Business හරහා customer support ලබා දීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති අතර මේ හරහා විවිධ ව්‍යාපාර වලට අයත් වන පාරිභෝගියකන් හට real-time customer support පහසුකමක් අත් විඳිමට හැකියාව ලැබෙනවා.

මෙම සේවාව පාරිභෝගිකයන්ට නොමිලයේ ලැබෙන නමුත් මෙයට සම්බන්ධ ව්‍යාපාරික ආයතනයන්ට මේ හරහා සම්බන්ධ කරගන්නා සෑම පාරිභෝගිකයෙකු සඳහාම සඳහා කුඩා ප්‍රමාණයක මුදල් ගෙවීමක් කිරීමට සිදු වෙනවා.

මේ වන විට Singapore Airlines, Wish සහ Uber වැනි ආයතන 100 ක් පමණ සහභාගී කරගෙන මෙම සේවාව අත්හදාබැලීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් යම්කිසි සේවාවක් දීර්ඝකාලීනව පවත්වාගෙන යෑමට නම් අවම තරමින් එහි operating costs එක, එහෙමත් නැතිනම් නඩත්තු කටයුතු කරගෙන යෑමට හෝ ප්‍රමාණවත් මුදලක් ඉපයිය හැකි business model එකක් අවශ්‍යය වෙන බව අමුතුවෙන් සඳහන් කරන්නට වුවමනා වන්නේ නැහැ.